මුහුණු පොතේ කවි අතරින්

ඉර ගිලී යන තව සැඳෑවක්

අඳුර ගිලගන්නට ළඟයි …………………………..

නේක පැහැගත් වටපිටාවක්

විඩාබර සිත සනසවයි………………………………

හදට දැනෙනා සොඳුරු මොහොතක්

විඳින්නට ඉඩකුත් ලැබෙයි…………….…………..

එහෙ මෙහේ යන දෙනෝදාහක්

දකින්නට නොලැබෙයි……………………………….

කලබලය පිරි නගර ගනනක්

අතරෙ ජීවිතෙ ගෙවීයයි…………………………….

ඒ කොතනවත් නොමැති සතුටක්

මෙතැන සැඟවීලා තිබෙයි……………………….

ගහක කොළයක මලක කවියක්

දැවටිලා සුළඟට සැලෙයි……………………………

ඒත් එක්කම බැඳුනු සෙනෙහස

ජීවිතය ජීවත් කරයි…………………………………..

රේණුකා ගලප්පත්ති

https://www.facebook.com/renuka.galappaththi

පියකුගෙ වරුණ

හිරුටත් හොරෙන් පිබිදී වැඩ පටන්ගෙන

අඳුරත් සමග වැඩ නිමවී ගෙදර එන

රසවත් යමක් එනකොට තව ගෙනත් දෙන

ඔහු නම් රජෙකි අපෙ ජීවිත එළිය දුන

වෙහෙරක් උසට බර පොදි බැද ඇද්දෙහිය

අතොරක් නැතිව දුක් කරදර වින්දෙහිය

වෙනසක් නැතුව අප සැම දෙස බැලුවෙහිය

පහනක් විලස දැල්වුනු ඔබ පෙනුනෙහිය

බලමින් අඩුපාඩු නිවැරදි කෙරුවෙහිය

කරමින් අවවාද හරි මග සැදුවෙහිය

යුතුකම් නිසි ලෙසට ඉටු කර තිබුනෙහිය

මම නම් දනිමි නුඹ සුරලොව වෙසෙනෙහිය

මහින්ද රුද්‍රිගු

https://www.facebook.com/mahinda.rodrigo1

ටිකක් පරණයි ඒත්…….❤️

hijab, headscarf, portrait-3064633.jpg

දිරා ගිය ඒ අරටු නාරටි

හිනා වුනෙ ඇයි මා බලන්

කදෝපැණි එළි අඳුර මැකුවත්

වනේ වන මත් වුන ගමන්

පාට ඔප නැති නීල නෙතු අඟ

කඳුළු ආවත් තද කරන්

බලන් ඉන්නවා දවස එනකන්

සතුටු වෙන්නට දුක දරන්

ඈත මල් ගොමු උඩින් පියඹන

බටිති ගිරවුන් ගී ගයන්

සුවඳ මී අඹ ලගම දැවටෙයි

මටත් පෙනෙනට කට තියන්

✍️ චමිලා නවගත්තේගම

https://www.facebook.com/profile.php?id=100070352617715

https://www.facebook.com/insta.panhinda.7

මටත් තනිකම තදට දැනුනා…

May be an image of 1 person

ජීවිතේ කොයිතරම් තිබුනත්

මගේ යැයි මට මගේ වන්නට

එකම මිනිහෙක් හමු උනේ නෑ

වාස ගම මට මිසිස් වෙන්නට…

අනේ මට බෑ කුරුලු පැටවුන්

එක්ක කූඩුව ගිනි තියන්නට…

සමාවෙන්නැයි කියන්නට බැරි

මහ හුගක් මම වැරදි කෙරුවා..

දැන ගෙනත් නුඹ අදත් වැඩියෙන්

මාලු පිනි බත් එකට බෙදුවා…

පහුවෙලා කැන්ටිමට දිව්වත්

අනේ ඔහු මග බලන් උන්නා…

සුවඳ විලවුන් රසැති චොකලට්

කැබින් එක ඇතුලටම දැම්මේ

වැරදි ලා හරි ඔයාට ත් ඔහු

ආදරෙ ඇති යැයි හිතන්නට…

අනේ කොච්චර සතුටු හිතුන්නද..

මටත් දැනෙනව ගෑනු හිත ගැන…

හැරෙන්න ත් බෑ ආදරෙ ගැන

එහෙම හරි මට හීන තිබුනා…

නොකිය කොහොමද හවස් වරුවල

සළු පවා ඔහු ලගදි ලිහුනා…

සමාවෙන්නැයි කියනු කොහොමද

අනේ නුඹ ටම වැරදි කෙරුවා….

දිගම කෙහෙරැලි අතෙ එතෙද්දිත්

කිලිටි රෙදි හෝදලා මැද්දා….

රැයේ සයනය මග හරිද්දී

ඔයත් හඩනව ඇතිය හිතුනා…

මටත් තනිකම තදට දැනුනා…

ඉවසගෙන බැරි එහෙම දවසක

ඉල්ලගෙන යමි හිතන් ආවා….

වැටි වැටී පසු පස්සෙ ඇවිදින

අනේ සමනල් පැටව් දුටුවා…

ආයෙමත් මම හැරිල ආවා…

සමාවෙන්නැයි කියන්නත් බැරි

වැරැද්ද ට මගෙ හිතම මැරුනා….

මධුරංග ජයසේකර

https://www.facebook.com/profile.php?id=100024904489107

Leave a Reply

Your email address will not be published. Required fields are marked *