“කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම” ලෙස ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජයේ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම යන ජන ක්‍රීඩාවල නම් වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි. “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම් යොදන ලෙස අවුරුදු තරඟ සංවිධායකයින් දැනුවත් කර තිබෙන බවද ,රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම” යන විශේෂාංග මේ වන විට සමාජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය අප අමාත්‍යාංශය විසින් ද පිළිගෙන තිබෙනවා. ඒ වෙනුවට “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම් යොදන ලෙස සංවිධායකයින් දැනුවත් කර තිබෙනවා. එමඟින් අප බලාපොරොත්තු වන්නේ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීමයි. ඒ වගේම සියලුම අවුරුදු උත්සව සඳහා ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ද අප විසින් සංවිධානය කර කර ඇති බවයි.