පසුගියදා Ashbridges Bay Park අසල දියනෑමේදී දියේ ගිලී අතුරුදන් වූ 14 හැවිරිදි පිරිමි ළමයෙකුගේ සිරුර ඔන්ටාරියෝ විලෙන් හමුවේ.
මාධ්‍යවේදීන් අමතමින් වැඩබලන පොලිස් අධිකාරි ඩෑන් ප්රවිකා පැවසුවේ අතුරුදන් වූ පිරිමි ළමයා තම මිතුරෙකු සමඟ පිහිනමින් සිටියදී දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි.
ටොරොන්ටෝ දිවි ගලවා ගැනීමේ බෝට්ටුවක් දියේ ගිලුණු ළමයා සොයා Ashbridges Bay ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත. එහෙත් එදින ළමයාගේ සිරුර සොයා ගැනීමට හැකි වී නොතිබුණි. ඊට පසුදා ළමයාගේ සිරුර සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.