ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් සමඟ ලන්ඩන් නුවරදී පැවති සාකච්ඡාවේදී කාරණා දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මඳක් පමා වනු ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර් ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. කෙසේ වෙතත් ලබන ජුනි මාසයට පෙර එම කටයුතු අනිවාර් යයෙන්ම අවසන් කරන බවද රත්නායක මහතා කියා සිටියි.
ණය හිමියන් සමග පැවති සාකච්ඡාවේදී කරුණු හතරක් පිළිබඳව අවධානය යොමු වූ අතර එයින් කරුණු දෙකකට දෙපාර් ශවයේම එකඟතාවය ලැබුණු බව රත්නායක මහතා සඳහන් කළේය. මින් පෙර පැවති සාකච්ඡාවලදී ණය හිමියන් සහ ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල කාරණා රාශියක් සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණි බව කී රත්නායක මහතා තවමත් එකඟතාවයට පැමිණීමට නොහැකි වී ඇත්තේ අවසන් කාරණා හතරෙන් දෙකක් ගැන පමණක් බවද කියා සිටියේය. ශ්‍රී ලංකාව මෑතකාලීනව ලබා ඇති ආර් ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සියලුම ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් සිය තෘප්තිය ප්‍රකාශ කර ඇති බවද සාගල රත්නායක මහතා කියා සිටියේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීය.