වාර්තා රැසක් සමග ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වේ .

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති අවසන් එක්දින තරගය වාර්තා රැසක් සමග ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 301ක් රැස්කර ගැනීමට සමත් විය.

එහිදි නායිකා ලෝරා වොල්වඩ් ලකුණු 184ක් රැස් කළාය.

ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 23ක් ද ඇතුළත් වේ. 

අනතුරුව ලකුණු 302ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3කදී කඩුලු 4ක් පමණක් දැවි එම ඉලක්කය පසුකර ගියහ.

එම හඹා යෑම වාර්තා අතරට එක්වුණේ කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම හඹා යෑම ලෙසය.

එම තරගයේ දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 195ක් වාර්තා කිරීමට සමත්වුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ක්‍රීඩිකාවක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා අතරට එක්වුණි.

ඒ අතර ජාත්‍යන්තර කාන්තා එක්දින ක්‍රිකට් තරගයක ක්‍රීඩිකාවක් රැස්කළ තුන්වන ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේද එම ලකුණු සංඛ්‍යාවයි.

මේ අතර නිලක්ෂි සිල්වා මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමටද සමත්වුණි.

ඊයේ තරගය ශ්‍රී ලංකාව ජයගැනීමත් සමඟ එක්දින තරගාවලිය 1ට 1ක් ලෙස සම තත්ත්වයෙන් නිමාවුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *