ඔන්ටාරියෝහි ඇතැම් මාර්ගවල වේග සීමාවන් වැඩි කෙරේ

අධිවේගී මාර්ගය 401සහ 403 ඇතුළු පළාත් මහා මාර්ගවල ඇතැම් තීරු ඔස්සේ වේග සීමාවන් ඉහල නැංවීමට ඔන්ටාරියෝ පළාත් රජයේ තීරණය කර තිබෙනවා.  ඒ අනුව  මෙම ග්‍රීෂ්ම ඍතුවේ ඔන්ටාරියෝහි දකුණු සහ උතුරු ප්‍රදේශ දෙකෙහිම  පළාත් මහා මාර්ගවලින් අමතර කොටස් දහයකින් වේග සීමා පැයට කිලෝමීටර් 100 සිට 110  දක්වා වැඩි කරන බව පළාත් බලධාරින් පසුගියදා තහවුරු කළා.

 මේ අනුව 403 brantford  සිට Hamilton දක්වා සහ woodstock  සිට brantford දක්වා වේග සීමාව වැඩි කිරීම සඳහා හඳුනාගෙන ඇත.

අධිවේගී මාර්ගය 35/115 සිට Cobourg දක්වා එකී මාර්ගයේ කිලෝමීටර් 35ක දුරක් ද වේගය වැඩි කර ඇත.

මෙම පියවර “2022 දී පළාත් අධිවේගී මාර්ගවලින් කොටස් හයක් දක්වාම ආරක්ෂිත සහ සාර්ථක ලෙස වැඩි කිරීම මතක් ගොඩ නැගෙයි“ යනුවෙන් පළාත් බලධාරින් පවසයි.

මෙම වෙනස්කම් රට පුරා “අනෙකුත් අධිකරණ බල ප්‍රදේශවල පළ කරන ලද වේග සීමාවන් සමඟ සමපාත වන බව“ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත. ‍  ඔන්ටාරියෝහි ප්‍රවාහන ඇමති Prabmeet Sarkaria ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔන්ටාරියෝහි අධිවේගී මාර්ග ජාලයේ බොහොමයක් මුලින් නිර්මාණය කර ඇත්තේ පැයට කිලෝමීටරේ එකසිය දහයකින් වේග සීමාවන්ට ආරක්ෂිතව ඉඩ සැලසීමට බවයි. වෙනස්කම් ජුලි දොළොස් වැනි දින “බහුතරයක“ කොටස් මත ක්‍රියාත්මක වන අතර ඉතිරිය වසර අවසානට පෙර සිදුකරන බව ඇය  ප්‍රකාශ කරයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඇය ප්‍රකාශ කළේ ඔන්ටාරියෝහි අධිවේගී මාර්ග පද්ධතිය සමස්තයෙන්  සියයට 36 ක් වන අතර එමගින් ආවරණය වන දුර කිලෝමීටර් 860 ක් පමණ වන බවයි. මෙහිදීම වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය කියා සිටියේ තෝරාගත්තේ නව කොටස් ඉහළ වේගයෙන් ආරක්ෂිතව ගමනාන්තය දක්වාම යාමට ඇති හැකියාව මත පදනම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *