කැනේඩියානු දේශසීමා නියෝජිතායතනය ස්මාට් ජංගම දුරකථනයේ සහය පතයි

කැනේඩියානු දේශසීමා නියෝජිතායතනය පුද්ගලිකත්වය පිළිබඳ ගැටළු මධ්‍යයේ  ජංගම දුරකථනයෙන් මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය වෙත අවධානය යොමු කර තිබෙනවා. සැලසුම් කරන ලද ෆෙඩරල් ව්‍යාපෘතියක් යටතේ දේශසීමා තරණය කිරීමේදී සංචාරකයන්ට ඔවුන්ගේ ස්මාට් ජංගම දුරකථනය හරහා තමන්ව හඳුනාගැනීමට මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය භාවිත කිරීමට හැකි වනු ඇති.

මේ පිළිබඳව අදහස් දක්වමින් කැනඩා දේශසීමා සේවා නියෝජිතායතනය පවසන්නේ මුලපිරීම වේගවත් හා බාධාවකින් තොරව සංචාරක අත්දැකීමක් ලබා දෙන බවයි. මෙම පද්ධතියට අවශ්‍ය තාක්ෂණික සහය ඉල්ලා ෆෙඩරල් ආණ්ඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක පමණ වටිනා අවස්ථාවක් ලබා දී තිබිණි. මෙම පද්ධතිය සංචාරකයකුගේ ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් ජංගම උපාංගයක් හරහා ගත් සෙල්ෆි ඡායාරූපයක් හා ගැළපෙනු ඇත. නියමු ව්‍යාපෘතියක් ලෙස තවත් වසර කිහිපයක් මෙම ව්‍යාපෘතිය  ක්‍රියාත්මක වන අතර ඔටාවා පදනම් කරගත් සිවිල් නිදහස පිළිබඳව සංවිධානයක් මෙම ව්‍යාපෘතිය මගින් පෞද්ගලිකත්වය සහ වගවීමට සිදුවන බලපෑමක් පිළිබඳ අවධානය යොමු කර ඇත.ඊට ප්‍රතිචාර දක්වමින් දේශසීමා ඒජන්සිය පවසන්නේ සංචාරකයන්ගේ පෞද්ගලිකත්වයන් සහතික කරන අතර ඔවුන්ගේ තොරතුරු සැම විටම ආරක්ෂා කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *