එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර දෙපාර්ශ්වය එකඟතාව පළකර ඇත්තේ ව්‍යවස්ථානුකූලව ඡන්ද විමසීමක් කැඳවනතුරු ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගැන විසංවාදයන්ගෙන් තොරව පවතින පොදු අභියෝග ජයගැනීමේ අරමුණු ප්රමුඛ කරගනිමින් ඉදිරියට යායුතු බවටය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර ඇත. අනිවාර්යයෙන්ම තමා ජනාධිපතිවරණයට තරඟ කරන බව එහිදී ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබේඑසේම හිටපු පළාත් පාලන නියෝජිතයන්ට ආණ්ඩුවේ පොදු කටයුතු සදහා නිල වශයෙන් සහභාගී විය හැකි වන පරිදි අවස්ථාවක් නිර්මාණය කරදීම පිළිබඳවද එහිදී සාකච්ඡා වී ඇත.
මේ අතර එහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්ව ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත්තේ පක්ෂයක් ලෙස වැරදි පූර්වාදර්ශයන්ට ඉඩදීමට නොහැකි බව පොදුජන පෙරමුණේ පොදු තීරණය වන බැවින් එකී වැරදි පූර්වාදර්ශය සම්බන්ධයෙන් ගතයුතු නිල ක්‍රියාමාර්ගය වෙත පක්ෂය මේ වනවිටත් අවතීර්ණ වී අවසන් බවය.