ටොරොන්ටෝ නගරයේ කුලී නිවාස සඳහා අය කරන ගාස්තුව සියයට බින්දුවයි දශම බින්දුවයි හතකින් අඩුවී ඇත. ඒ අනුව ගාස්තුවක් ඩොලර් 2782 දක්වා අඩුවී ඇත.මෙම ගාස්තු අඩුවීමට හේතුව වී ඇත්තේ ටොරොන්ටෝ වල බදු වෙළඳපලේ අඩුවීමයි. 2021 වසරේ අගෝස්තු මාසයෙන් පසුව අඩුවීම පළමුවරට වාර්තාවන්නේ 2023 අගෝස්තු මාසයේදියි. කැනඩාවේ කුලී නිවාස වල ජීවත් වන්නන්ගෙන් තෙවැනියට වැඩිම පිරිසක් ජීවත් වන්නේ ටොරොන්ටෝ නගරයයි. කුලී නිවැසියන් වැඩිම පිරිසක් ජිවත් වන නගරයේ මොන්ට්‍රියල් වන අතර දෙවෙනියට වැඩිම කුලී නිවසයන් ජීවත්වන වන්නේ වැන්කුවර් නගරයයි. මේ අනුව ටොරොන්ටෝවේ එක් නිදන කාමරයක් සහිත නිවසක මාසික කුලිය 2489 ක් වන අතර නිදන කාමර දෙකක් සහිත නිවසක කුළියන ඩොලර් 3270 වනවා. නිදන කාමර තුනක් නම් එහි අගය වාර්තා වන්නේ ඩොලර් 3728ක් ලෙසයි
ටොරොන්ටෝ නගරයේ කුලී නිවාස ගාස්තුව අඩු වෙයි
