කැනඩාවේ පැසිපන්දු ක්‍රීඩක ජොන්ටේ පෝටර් ට ජාතික පැසිපන්දු සංගමය NBA විසින් ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවා තිබෙනවා. කැනඩාවේ නිත්‍යානුකූල ඔට්ටු ඇල්ලීමේ කර්මාන්තය පාලනය කරන ආයතනයේ ශක්තිමත්භාවය පෙන්වන ලකුණක් බවට මේ පිළිබඳ අදහස් දක්වන විශේෂඥයන් පවසනවා.
කැනඩාවේ ක්‍රීඩා ආචාරධර්ම පිළිබඳ මධ්‍යස්ථානයේ CCES සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජරම් ලූක් පැවසුවේ පෝටර්ට එරෙහි නඩුව නීති අංශයේ ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරන බවයි. තවත් බොහෝ දේ ඉටුකළ යුතු බවද ඔහු කියා සිටියා. වෘත්තීය ක්‍රීඩාවල අඛන්ඩතාවයට සහා ක්‍රීඩා ලෝලීන්ගේ විශ්වාසයට තරග හැසිරවීම මගින් එල්ල වන තර්ජනය කාර්ය සාධනය වැඩි දියුණු කරන ඖෂධ මගින් එල්ලවන තර්ජනයට සමාන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා