බරපතළ සුනඛ ප්‍රහාරවලට ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සහ වැළැක්වීමට වැඩපිළිවෙලක්

බරපතල සුනඛ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සහ වැළැක්වීම සඳහා නගරය නව ක්‍රියාමාර්ග දියත් කිරීමට පටන් ගන්නා බව ටොරොන්ටෝ බලධාරීන් පවසනවා. ඒ අනුව නිලධාරීන් අදාළ සුනඛ හිමිකරුවන් හා පරිශ්‍ර ඉදිරියේදී නිරීක්ෂණය කරනු ඇති.  මෙහිදී  සුනඛයින්ගේ ප්‍රහාරාත්මක බරපතළකම සැලකිල්ලට ගෙන ප්‍රදර්ශනය කළ යුතු නව ප්‍රමිතිගත ලකුණක් ලබා දීමට නියමිත වනවා.

මේ හරහා සුනඛයන්ට මුව ආවරණයක් ලබාදීම, සුනඛයන්ගේ බෙල්ලෙහි ඔවුන්ගේ දරුණු බව සලකුණු කරන ලේබලයක් රැඳවීම, සුනඛයන් සමාජගත කිරීම, මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලට සුනඛයන් රැගෙන යාම වැළැක්වීම පිළිබඳව හිමිකරුවන් දැනුවත් කරනු ඇති.

මෙම දැනුවත් කිරීමෙන් පසු අඛන්ඩව ඒ පිළිබඳව පසු විපරම්  කිරීමට බලධාරීන් සූදානම් වනවා. ටොරොන්ටෝ නගරයේ පමණක් බරපතළ සුනඛ ප්‍රහාර පිළිබඳ සිදුවීම් තුන්සිය හැත්තෑ තුනක් මේ වන විට වාර්තා වී තිබෙනවා. ලබා දෙන උපදෙස් පිළිනොපදින සුනඛ හිමිකරුවන්ට ඩොලර් 615ක් දක්වා දඩයකට හෝ අධිකරණයකින් වරදකරුවකුට ඩොලර් ලක්‍ෂයක් දක්වා දඩ මුදලකට ද යටත්වීමට සිදුවනු ඇති.

මෙම  ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් ටොරොන්ටෝ නගරාධිපතිනිය ප්‍රකාශ කළේ නගරය ආරක්ෂා කිරීම සහ පොදු ස්ථානවලදී භයානක සුනඛයන්ගේ හැසිරීම් අවම කිරීම අරමුණ වී ඇති බවයි. භයානක සුනඛයෙකුගේ මුව ආවරණයක් නොමැතිවරුන් හෝ ලබා දී ඇති උපදෙස් අනුගමනය නොකර ඡනතාව ගැවසෙන උද්‍යානයකදී නිරීක්ෂණය වුවහොත් 311 කෙටි අංකයට පැමිණිලි කළ හැකි බවද ටොරොන්ටෝ බලධාරින් ප්‍රකාශ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *