මෙක්සිකෝව සමග කාන්තා පාපන්දු තරග දෙකකට කැනඩාවෙන් සත්කාරකත්වය

ජුනි මාසයේදී මෙක්සිකෝ කාන්තා පාපන්දු කණ්ඩායම කැනඩාවේ තරග සංචාරයකට සූදානම් වනවා. ඒ අනුව තර්ක දෙකක් මෙම සංචාරය තුළ පැවැත්වෙනු ඇති. වත්මන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව කැනේඩියානුවන් නව වන ස්ථානයේ පසුවන අතර මෙක්සිකානුවන් තිස් එක් වන ස්ථානයේ පසුවනවා. මෙම තරඟ ලබන ජුනි පළවෙනිදා මොන්ට්‍රියල්හිදී සහ ජුනි හතර වැනි දා ටොරොන්ටෝ හිදී පැවැත්වීමට නියමිතයි.

 ජූලි මාසයේදී පැරිස් ඔලිම්පික් උළෙලට පෙර පැවැත්වෙන අවසන් තරගාවලිය වෙනුවෙන් ඔලිම්පික් ෂූරතාවය රැක ගැනීම සඳහා කැනඩාවට වෙහෙසීමට සිදුවනු ඇති. මෙක්සිකෝව මෑතකදී දැක්වූ දක්ෂතා මත ඔවුන් මුහුණ දීමට අපහසු කණ්ඩායමක් බවට පත්ව තිබෙනවා. කැනඩාව ජූලි 25 වැනිදා නවසීලන්තය සමඟ ඔලිම්පික් තරග ආරම්භ කරන අතර ජූලි 28 වැනිදා ප්‍රංශය සමගත් ජූලි 31 වැනි දා කො‍ළොම්බියාව සමගත් තරග වැදීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *