මෙම සතිය තුළ ඍතුමය උෂ්ණත්වය අඩුවීමත් සමග ඉදිරි සති අන්තයේ අග භාගයේ දී ගිමහානය වැනි කාලගුණ තත්ත්වයක් ටොරොන්ටෝව වෙත පැමිණෙනු ඇත. කාලගුණ බලධාරීන් පවසන්නේ දැනට පවතින උෂ්ණත්වයන් ඉරිදා දහවල් වන විට අංශක අටකින් ඉහළ ගොස් සෙල්සියස් අංශක විසි දෙකක් දක්වාම ඉහල යා හැකි බවයි. කෙසේ වුවත් එය 1938 වසරේ දී වාර්තා වූ සෙල්සියස් අංශක විසි අට ඉක්මවා නොයනු ඇති.
කාලගුණ බලධාරීන් තවදුරටත් පවසන්නේ සාමාන්‍ය සෞම්‍ය ශීත ඍතුවක් පැවතියත් මෙම වසන්ත ස්වභාවය දින කිහිපයකට සීමාවන බවයි. ඒ අනුව ඔබගේ සෙනසුරාදා සැලසුම් වලට වැසි බලපෑම් ඇතිකරනු ඇති අතර ඉරිදා බොහෝ දුරටත් වියළි වනු ඇති. තවද ඉදිරි සතිය මුලදීම වර්ෂාව පුරෝකතනය කරන අතර සඳුදා සහ අඟහරුවාදා දිනවලින් උණුසුම් උෂ්ණත්වයක් පවතිනු ඇතැයි එම බලධාරින් වැඩිදුරටත් සඳහන් කරයි.