පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ගැන නව නීතිමය පියවරක්.

පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සම්බන්ධයෙන් British Columbias විසින් හඳුන්වාදීමට සැරසෙන නව නීති සම්බන්ධයෙන් ඇතැම් සිවිල් සංවිධානවල විරෝධය මතුව තිබෙනවා. නව නීතියට අනුව පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත් වැන්කුවර්හි මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක ක්‍රියාකාරිනියක සඳහන් කළේ, මෙය පසුගාමී පියවරක් බවයි. මෙමඟින් දරිද්‍රතාවෙන් පෙලෙන ජනතාව අපහසුතාවයට පත්වන බවත්, එමගින් නිවාස නොමැති ජනතාව පීඩාවට පත්වන බවත්, ඇය පෙන්වා දෙනවා. ඇයට අනුව දුප්පත්, නිවාස නොමැති ජනතාව පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී තිබෙනවා. ඒ අනුව ප්‍රදේශයේ නිවාස නොමැති ජනතාව පිළිබඳව අනාවරණයක් මෙමගින් සිදුවන බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය භාවිතය නැවැත්වීම සඳහා අපරාධ නීතිය හදිසියේ වෙනස් කිරීමටයි බලධාරීන් කටයුතු කළේ. කෙසේ වෙතත් British Columbias තමන්ගේ නීති මගින් පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය භාවිතය, නීති විරෝධී කිරීමට උත්සාහ කළ ද එය අධිකරණයේදී අභියෝගයට පවා ලක්වුණා.ඉල්ලා සිටින වෙනස මගින් රෝහල් ඇතුළත, ගමනාගමනය සහ උද්‍යාන ඇතුළු පොදු ස්ථානවල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට වැළැක්වීමට පොලිසියට බලය හිමිවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *