ලංකාවේ දික්කසාද වැඩිවෙලා

ලංකාවේ අලුත විවාහ වන පෙම්වතුන් විවිධ හේතු මත වසර දෙක තුනකින් දික්කසාදවීම ( වෙන්වීම)   වැඩිවන  ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ   නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්  ජනරාල්( සිවිල් ලියාපදිංචි කිරීම්) නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය පැවසුවාය.ආර්ථික  හේතු මෙන්ම  වෙනත් සමාජීය හේතුද  මීට මුල්වී ඇතැයි ඇය සඳහන් කළාය. මේ අතර රටේ වාර්ෂික  මරණ සංඛ්‍යාවද සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි  ගනේපොළ මහත්මිය ප්‍රකාශ කළාය.
සාමාන්‍යයෙන්  රටේ වාර්ෂික මරණ සංඛ්‍යාව 2000 වර්ෂය වනවිට  140000 මට්ටමක පැවති නමුත් එම සංඛ්‍යාව මේ වනවිට  180000 ක් දක්වා   ඉහළ ගොස් ඇති බව
පවසන නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්  ජනරාල්වරිය  රටේ දරු උපත් සංඛ්‍යාවද  අඩුවී ඇතැයි පෙන්වාදුන්නාය.

සාමාන්‍යයෙන් 2020 වර්ෂය වනවිට රටේ වාර්ෂික  දරු උපත් සංඛ්‍යාව වූයේ 325000 ක් පමණය. එම සංඛ්‍යාව මේ වනවිට 280000 ක් දක්වා පහළ ගොස් ඇති බව ඇය සඳහන්කළාය.ආර්ථික ගැටලු හේතුවෙන් නිසි වේලාවට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවීම, මානසික ප්‍රශ්න වැඩිවීමත් සමග විවිධ රෝගාබාධවලට ගොදුරුවීම යනාදී හේතුද මරණ වැඩිවීමට බලපාන්නට ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *