සැප්තැම්බරයේ සිට ඔන්ටාරියෝ හි පාසල් තුළ ජංගම දුරකථන භාවිතය තහනම්

ඔන්ටාරියෝහි පාසැල් වල ජංගම දුරකථන භාවිතය පාලනය කිරීමට නව නීති හඳුන්වා දීමට සූදානම් වනවා.ඒ අනුව එම නීති 2024 – 2025   අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මකයි . ගුරුවරයෙකු හෝ ‍ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ අයෙකු විසින් අවසර දෙනු ලැබුවහොත් මිස පෙර පාසලේ සිට 6 ශ්‍රේණිය දක්වා  දරුවන් සිය දුරකථනය නිශ්ශබ්දව නොපෙනෙන ලෙස තබාගත යුතුයි.මෙම නිති  සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමටයි බලධාරීන් සූදානම් වන්නේ. කෙසේ වෙතත් මෙම නීති ක්‍රියාත්මක වීමේදී හත සහ දොළහ ශ්‍රේණි අතර සිසුන්ට යම් නම්‍යශීලී  ක්‍රමවේදයක් ක්‍රියාත්මක අතර ජංගම දුරකථන පන්ති කාමරයට පමණක් ම සීමා කර ඇත.

යම් සිසුවෙකු නීතිය කඩ කරන්නේ නම් ඔවුන්ගේ ඔහුගේ ජංගම දුරකථනය වහාම කාර්යමණ්ඩල සාමාජිකයන්ට භාරදිය යුතු අතර ඒ බව දෙමාපියන්ද දැනුවත් කෙරෙනු ඇති. තවද මෙම නීතිය දිගින් දිගටම උල්ලංඝය කරන සිසුන්ගේ පංති තහනම් කිරීමේ හැකියාව ද පවතිනවා. මෙවැනි පසුබිමක පන්ති කාමරවල ජංගම දුරකථන භාවිතය ළමුන්ගේ ඉගෙනීමට බාධාවක් කරන බව ගුරුවරුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් පැමිණිලි ලැබී ඇති බව ‍ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා.නව ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ඔන්ටාරියෙහි සියලුම පාසල් ජාල සහ උපාංගවලින් සමන්විත මාධ්‍ය වෙබ් අඩවි ස්ථානම් කෙරෙනවා. මෙය නිරීක්‍ෂණය කරන්නේ කෙසේද හෝ බලාත්මක කරන්නේ කෙසේද යන්න අපැහැදිලි වුව ද පැහැදිලි අවසරයකින් තොරව පුද්ගලයන්ගේ වීඩියෝ හෝ ඡායාරූප බෙදා ගැනීම සහ පටිගත කිරීම රජය විසින් තහනම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *