කැනේඩියානු කෙටිදුර ධාවන ශූර Andre De Grasse ජැක්සන්විල්හිදී පසුගියදා පැවැතියේ මීටර සියය ධාවන ඉසව්වේ දී ඔලිම්පික් ශූර Marcell Jacobs පරාඡය කිරීමට සමත් වුණා. 29 හැවිරදී Andre එම තරගය තත්පර දහයයි දශම එකයි බින්දුවයි තුනක කාලයෙක් වාර්තා කරමින් මෙම දක්ෂතාවය වාර්තා කළා.එහිදී ඔහු තත්පරයෙන් දහසෙන් දශම තුනක කාලයකින් Marcell පරාජය කිරිමට සමත් වුණා.
මෙම තරගයේදී අමෙරිකානු ක්රීඩක Trayvon Bromell තත්පර දහයයි දශම එකයි තුනයි පහක කාලයක් වාර්තා කරමින් තරගයේ තෙවන ස්ථානය හිමිකර ගනු ලැබුවා.මෙම ක්රීඩකයන් තිදෙනාම පළමු ධාවන ඉසව් පහලවේදී එකට කාණ්ඩ ගත කර තිබෙනවා. ඔලිම්පික් තරගාවලියට අදාළව De Grasse මීටර සීයයේ ඉසව්වේ දී තත්පර දහයේ සීමාවට ඉතා ආසන්නයේ සිටින අතර ඔලිම්පික් පරිසාධන මට්ටම ළඟා කර ගැනීම සඳහා ඡුනි 30 වැනිදා දක්වා ඔහුට අවස්ථාව පවතිනවා.