කැනඩාවේ ගෝල්ෆ් ක්‍රීඩාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන කෙවින් බ්ලූ කැනඩාවේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා. බ්ලූ golf ක්‍රීඩාව නියෝජනය කරමින් කරලියට පැමිණෙන අතර ඔහු 2020 වසරේ දෙසැම්බර් මාසයේ සිට ගෝල්ෆ් ක්‍රීඩාවේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබුණා. මීට පෙර කෙවින් බ්ලූ ඩේවිස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ඔහු එම ධුරයට පත් වූයේ 2016 මැයි මාසයේ දී. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු තිස්තුනක්. ඊට පෙර ඔහු ස්ටැෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරන අවස්ථාවේ ගොල්ෆ් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළා. මොන්ට්‍රියල්හී උපත ලැබූ කෙවින් බ්ලූ හැදී වැඩුනේ ටොරොන්ටෝවේයි.
කැනඩාවේ ගෝල්ෆ් ප්‍රධානියා පාපන්දුවේ මුල් පුටුවට
