ලිබරල් පක්ෂයේ ප්‍රාග්ධන ලාභ බදු සංශෝධනය සඳහා සූදානම් වන ලෙස කැනේඩියානු conservative පක්ෂයේ නායක Pierre Poilievre පවසනවා. මේ සම්බන්ධයෙන් තම පක්ෂය ගන්නා ක්‍රියාමාර්ග තවම තීරණය කර නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ. ධනවතුන්ගේ ලාභ වලින් වැඩි කොටසක් බදු වශයෙන් අයකර ගැනීම මෙමගින් අපේක්ෂිතයි. තරුණ කොටස්ද මේ සම්බන්ධයෙන් සූදානමක පසුවන බවද වාර්තා වනවා. ආණ්ඩුවේ ගණනය කිරීම් වලට අනුව එළඹෙන වසර පහක කාලය තුළ නව බදු සංශෝධනය මගින් ඩොලර් බිලියන දහ නවයක් පමණ උපයාගත හැකි වනවා. කෙසේ වෙතත් බලාපොරොත්තු වන ආකාරයේ බදු ආදායමක් උපයාගත හැකිවේද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවයක් මතුව තිබෙනවා. ඒ ධනවතුන් තම ලාභාංශය බදු රහිත කලාපයන් වෙත රැගෙන යාමේ වැඩි ඉඩකඩක් පැවතීම හේතුවෙන්.
ප්‍රාග්ධනය ලාභ බදු සංශෝධනය ගැන conservative පක්ෂය අදහස් පළ කරයි.
