විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.ඔහු මේ බව සඳහන් කළේ, පසුගියදා“ස්ථාවර රටකට සැවොම එක මගකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.ෙඅමාත්යවරයා කියා සිටියේ, සමස්ත ක්‍රියාවලිය ම සාර්ථක කර ගැනීමෙන් මෙරට ණය බර ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමග රටේ සංවර්ධන කටයුතු ද ඉදිරියට කරගෙන යා හැකි බව අමාත්‍යවරයා තවදුරට ත් සඳහන් කළේ යෙඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගනිමින් සියලු ජාතීන් සමග සබඳතා පැවැත්වීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවන් සහන රැසක් හිමි වෙමින් තිබෙන බව යචීනය මෙන් ම ඉන්දියාව සමග සමීප සබඳතා පවත්වමින් මෙරට ආර්ථික සංවර්ධනයට දෙරටේ සහය ලබා ගැනීමට රජය කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.