කැනඩාවේ හිටපු ලෝක කනිෂ්ඨ හොකී ක්‍රීඩකයින්ට එරෙහි ලිංගික අතවර කිරීමේ නඩුව  යළි අධිකරණයට

කැනඩාවේ ලෝක කනිෂ්ඨ හොකී කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් පස් දෙනෙකුට ලිංගික අතවර කිරීමේ නඩුව පසුගියදා ලන්ඩනයේ ඔන්ට් අධිකරණයේදී විභාගයට ගැණුනා.

Dillon Dube, Carter Hart, Michael McLeod, Cal Foote සහ Alex Formenton යන ක්‍රීඩකයින්  විසින් 2018 වසරේ ලන්ඩන් හෝටලයකදී සිදු කල බව කියන ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් මේ වසර මුලදී  චෝදනා එල්ල වුණා.

ක්‍රීඩකයින් පස් දෙනාම චෝදනාවලට එරෙහිව කරුණු දැක්වීමට සැලසුම් කර ඇති අතර ජූරි නඩු විභාගයක් ඒ සඳහා පැවැත්වෙනු ඇති. ලන්ඩන් පොලිසිය මුලින් විමර්ශනය 2019 දී වසා දැමූ නමුත් වසර තුනකට පසුව එය නැවත විවෘත කිරීයමට කටයුතු කෙරිණි.ගොනුව වසා දැමුවේ මන්දැයි හෝ පසුව එය නැවත විවෘත කළේ මන්දැයි මෙතෙක් ඔවුන් පවසා නැත.

කැනඩාවේ ලෝක කනිෂ්ඨ හොකී කණ්ඩායමේ එවකට සිටි සාමාජිකයින් පස් දෙනෙකු තමාට ලිංගික අතවර කළ බවට කාන්තාවක් විසින් කල චෝදනාවකට වසර හයකට  පසු, මෙම විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *