ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි.

එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.ඔහු මේ බව නිවේදනය කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.

ඒ අනුව ජුලි 10 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඓතිහාසික ලොර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිතය.

2003 වසරේ මැයි මාසයේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 700ක් දවා ගත් ලොව පළමු වේගපන්දු යවන්නා වෙයි.

සිය ෆේස්බුක් ගිණුමේ සමුගැනීම පිළිබඳ සටහනක් තබමින් ඇන්ඩර්සන් පවසා තිබුණේ තමන් සිය රට නියෝජනය කළ වසර 20ක කාලය පුරා තමන්ට සවියක් වූ පුහුණුකරුවන්, ක්‍රීඩකයින් සහ පවුලේ සියලු දෙනාට මෙන්ම ක්‍රීඩාලෝලීන්ටද ස්තිතුවන්ත වන බවයි.

41 හැවිරිදි ඇන්ඩර්සන් මේ වන විට ටෙස්ට් තරග 187කට ක්‍රීඩා කරමින් බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 700කි.ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්තය නියෝජනය කරමින් එක්දින තරග 194කදී කඩුලු 269ක් සහ 20-20 තරග 19කදී කඩුලු 18ක් දවා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *