එක්සත් ජාතීන්ගේ 19 වැනි වෙසක් සැමරුම් උත්සවය මෙවර ද තායිලන්තයේදී පැවැත්වීමට වෙසක් දිනය සඳහා වූ ජාත්‍යන්තර බෞද්ධ සංගමය මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇත.
මැයි මස 19 දා අයුක්තයා හි මහචුලලෝංකොනර්රාජ් විශ්වවිද්‍යාලයේ (MCU) ශ්‍රවණාගාරයේ දී ද 20දා බැංකොක් හි එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී මෙය පැවැත්වේ. වෙසක් දිනය සඳහා වූ ජාත්‍යන්තර කවුන්සිලය (ICDU) මහචුලලෝංකොනර්රාජ් විශ්වවිද්‍යාලයේ (MCU) මහාමහකුත් (MAHAMAKUT) බෞද්ධ විශ්වවිද්‍යාලය, ආගමික දෙපාර්තමේන්තුව මෙහි මූලිකත්වය ගෙන ඇත. තායිලන්තයේ සංස්කෘතික අමාත්‍යාංශය උත්තරීතර සංඝ සභාවේ සහ රාජකීය තායි රජයේ ආශිර්වාදය ඇතිව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය පැවැත්වේ.
“බෞද්ධ මාර්ගය” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නයට සහ බුද්ධ ශාසන අමාත්‍යවරයා ඇතුළු පිරිසකට ආරාධනා ලැබී ඇත. මෙම උත්සව අවස්ථාවට රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමි ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.