ඔබේ කැනේඩියානු සිහිනයට අත්වැලක් 2.

Tax benefits & credits(බදු ප්‍රතිලාභ සහ බැර)

කැනඩාවට පැමිණීමට ඉතාමත් ආසාවෙන් සිටින ලාංකික ඔබට සහ තමාගේ ඥතීන් කැනඩාවට ගෙන්වා ගැනීමට අදහස් කරන, කැනේඩියානු ශ්‍රී ලාංකිකයින්ට ඒ සඳහා අවශ්‍ය මූලික තොරතුරු සටහන්ලිපි පෙලක පලමු ලිපිය අපි ගියවර පල කලා.ඒ ලිපියෙන්කැනඩා ජීවිතයේ මුල් කාලයට හුරුවීමට අවශ්‍ය තොරතුරු කිහිපයක් අපි දීර්ඝ වශයෙන්සාකච්ඡාවට භාජනය කලා.අදඅපි මේ දෙවැනි ලිපියෙන්සංක්‍රමණිකයන්ට ලබා ගත හැකි kanada rajayen Tax benefits & credits ගැන කතා කරමු.

කැනඩාව සංක්‍රමණිකයින් ගැන ඉතා උනන්දුවෙන රටක් හැටියට, එරට ආගමන නීති රීති,රටේ පවතින රැකියා අවශ්‍යතාවයන්ට ගැලපෙනපරිදි නිතර වෙනස් කරනවා. ඒ නිසා මීට පසු සෑම ලිපියකින්ම අපේ මාතෘකාවේ ප්‍රවේශයට පෙර,කැනඩාවේ නවතම Immigration updatesසම්බන්ධව ඔබ දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කැනඩාව 2024-2025දී විශාල වෙනස්කම් රාශියක් කිරීමට සැලසුම් කර තිබීම ඔබට සුභ ආරංචියක්.

පසුගිය සති කිහිපය තුල කැනඩා සංක්‍රමණප්‍රතිපත්තිවලසිදුවූ ප්‍රධාන වෙනස්කම්

  1. 2024 අයවැයේදීකැනේඩියානු රජය හිමිකම් ප්‍රතික්ෂේප කරන ලද සරණාගතයින්  ඉක්මනින් පිටුවහල් කල හැකි(hasten the deportation of individuals with rejected claims) නව වෙනස්කම් යෝජනා කරයි.මෙයට ප්‍රධාන හේතුව විය හැක්කේමෑතකදී, ජාත්‍යන්තර සිසුන්ගේ සරණාගත ඉල්ලීම් 1500% කින් පමණ ඉහළ ගොස් තිබීමයි.
  • Canada Startup Visa Program-නව ව්‍යාපාර ගොඩ නැගීමේ හැකියාව ඇති දක්ෂ ව්‍යවසායකයින් සඳහාක්‍රියාත්මක වනමෙම වැඩ සටහන සඳහා වයස සීමාවක් හෝ රැකියවක් සඳහා Job offer ලියුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.නමුත්
    • කැනේඩියානු ආර්ථිකයට ධනාත්මක ලෙස දායක වීමේ හැකියාව ඇති බව පෙන්වියයුතුයි.
    • ඒ වගේම, Business Plan මගින්සහ ව්‍යාපාරය කිරීමට හැකියාවක් ඇති බව සහ රැකියා උත්පාදනය කිරීමේ හැකියාවපෙන්විය යුතුයි
    • විශාල ආයෝජන මුදලක් අත්‍යාවශ්‍ය නොවුනත්මූලික වියදම් පියවා ගැනීමට මුදලක් යෙදවීමට හැකිබව පෙන්විය යුතුයි

https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/start-visa.html

  • PR Allocations-මෑත කාලයේකැනේඩියන් රජය, රටේ රැකියා අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින්  පහත සඳහන් වෘත්තීන් සඳහා PRවෙන් කිරීමේ ප්‍රතිශතයන් වෙනස් කරනු ලැබුවා.
    • සෞඛ්‍ය ක්ෂේත්‍රය-30% සිට 45%-වෛද්‍ය, හෙදියන්, ඖෂධවේදීන්, භෞත චිකිත්සකයින්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන් සහ තවත් අය
    • IT(තොරතුරු තාක්ෂණ)-25% සිට 30%-මෘදුකාංග සංවර්ධකයින්(Software Developers, ජාල ඉංජිනේරුවන්(Network Engineers), දත්ත විශ්ලේෂකයින්(Data analysits) සහ සයිබර් ආරක්ෂණ විශේෂඥයින්(cybersecurity speciallists)
    • වෙළඳ වෘත්තීන්-(තාක්ෂණ ශිල්පීන්, කාර්මිකයන්), පුහුණු කාර්මිකයින්(විදුලි කාර්මිකයන්, පෑස්සුම්කරුවන්, ජලනල කාර්මිකයන්, මෝටර් රථ කාර්මික ශිල්පීන්)
    • ප්‍රවාහන අංශය (ට්‍රක් රථ රියදුරන්, බර වාහන ක්‍රියාකරුවන් ආදිය)
    • කෘෂිකර්ම සහ කෘෂි ආහාර අංශය
  • විගණකාධිපතිගේ ඉල්ලීම පරිදිIRCC(Immigration Refugees& Citizenship Canada)වීසා අයැදුම් පත්වේගවත් සැකසුම් කාලය(Application Processing Times)සඳහාසහ විනිවිද පෙනෙනනව ක්‍රමයක් නිවේදනය කරයි.

දැන් අපි බලමු කැනඩාවට පැමිණි නව පදිංචිකරුවෙක් ලෙසට ඔබට ලබා ගතහැකි බදු ප්‍රතිලාභ මොනවද කියලාTax credits and benefits for individuals

මෙම ප්‍රතිලාභ සඳහා, ඔබ කැනඩාවේ පදිංචිකරුවෙකු විය යුතුය. ඔබට කැනඩාවේ ජීවත් වීමට ස්ථානයක් තිබේ නම්, හෝ ඔබට කැනඩාවේ බිරිඳ/සැමියා හෝ යැපෙන්නෙකු සිටී නම්, ඔබ රටට ඇතුළු වූ දිනයේම ඔබ පදිංචිකරුවෙකු ලෙස සැලකේ(ඔබේ ආදායම් බදු බැඳීම් පදනම් වන්නේ ඔබේ පදිංචි තත්ත්වය මත මිස ඔබේ පුරවැසිභාවය හෝ ආගමන තත්ත්වය මත නොවේ). ඔබට මේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් කැනේඩියානු ආදායම් ඒජන්සිය CRA (Canada Revenue Agency) සමඟ බදු වාර්තා ගොනු කිරීම(Filing Taxes) අනිවාර්ය ක්‍රියාවලියකි. කැනේඩියානු බදු ක්‍රමය ප්‍රගතිශීලී බදුකරණයකි. යම් ආදායම් කපා හැරීමෙන් පසුව, ආදායම වැඩිවන තරමට, ගෙවිය යුතු බදු මුදලද වැඩිවෙයි.

https://www.canada.ca/en/services/taxes/child-and-family-benefits.html

1. ළමා බදු ප්‍රතිලාභය(Child Tax)-ඔබට වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටී නම්, කැනේඩියානු රජය ඔබේ දරුවන් ඇති දැඩි කිරීම සඳහා ඔබට මෙම බද්ද ලබා දෙයි. ඩොලර් 34,863 ක වාර්ෂික ආදායමක් ඇති පවුල්වලට උපරිම ළමා බදු ප්‍රතිලාභ ලැබෙන අතර අවුරුදු 6 ට අඩු දරුවන්ට ඉහළ මාසික ගෙවීමක් ලැබෙයි.

2. GST/HST(Goods & Services Tax/harmonized sales tax)- කාර්තුමය ගෙවීමක් වන මේ මුදල, අඩු සහ සාමාන්‍ය ආදායම් ලබන පවුල් සඳහා ඔවුන් ගෙවන GST/HST ආපසු ලබා දීමක් ලෙස සැලකේ. ඔබට GST/HST සඳහා වෙන වෙනම අයදුම් කිරීමට අවශ්‍ය නැත, CRA ඔබේ Tax Return එකෙන් තොරතුරු ලබා ගනී.

3. Other Provincial & Territorial programs -ඔබ ජීවත් වන ස්ථානය අනුව මෙම වැඩසටහන් සඳහා ඔබ සුදුසුකම් ලැබිය හැක.

4. Climate Action incentive payment – ෆෙඩරල් දූෂණ මිලෙහි පිරිවැය පියවා ගැනීම සඳහා කාර්තුමය ගෙවීම.

5. Canada workers benefit – අඩු ආදායමක් ඇති අඩු ආදායම්ලාභී වැඩ කරන ජනතාව සඳහා වේ.

6. Disability Benefits-බරපතල ආබාධිත දරුවන් සහ වැඩිහිටියන් සඳහා බොහෝ ආබාධිත ප්රතිලාභරජය මගින් ලබා දෙයි.

මෙම බදු ක්‍රියාවලිය සඳහා කරුණු දෙකක් අනිවාර්ය වේ. ඔබට SIN අංකයක් තිබිය යුතු වගේම,  ඔබට ආදායමක් නොමැති වුවද සෑම වසරකම ඔබ Tax File කල යුතුය. Personal Tax සඳහා File කළ යුතු දිනය ඊළඟ වසරේ අප්‍රේල් 30 වන අතර ජුනි 30Corporate Tax ආදායම් බදු වේ. ඔබට ඔබේ බදු ආකාර දෙකකින් ගොනු කළ හැක:

1. Online(ඔන්ලයින්)-ඔබට Tax Software භාවිතයෙන් ඉලෙක්ට්‍රොනිකව ඔබේ බදු ගොනු කළ හැක. Software ඔබේ සම්පූර්ණ ප්‍රතිලාභය CRA වෙත සෘජුවම යවයි – මෙම ක්‍රියාවලියට සති දෙකක් පමණ ගතවේ.

2. Paper(කඩදාසි) – ඔබට ඔබේ බදු,ඔබ විසින්ම සකස් කළ හැකිය. අවශ්‍ය පැකේජය තැපැල් කාර්යාලවලින් හෝ හෝ Service Canada කාර්යාලවලින් හෝ අන්තර්ජාලයෙන් ලබාගත හැක. සම්පුර්ණ කරන ලද බදු වාර්තා තැපෑලෙන් යැවීම කල හැක.මෙම ක්‍රියාවලියට සති 8 ක් පමණ ගතවේ

https://www.canada.ca/en/immigration-refugees-citizenship/campaigns/newcomers.html?utm_campaign=ircc-ircc-newcomer-services-23-24&utm_medium=sem&utm_source=ggl&utm_content=ad-text-en&utm_term=new%20immigrants%20to%20canada%20benefits&adv=2324-489300&id_campaign=20712264141&id_source=156689186764&id_content=678730410860&gclid=CjwKCAiA4smsBhAEEiwAO6DEjSc-PzFKUKF1gCHTsaTj-w-Pa5piJwN_J5wEel3HjRJF6BcIIlywBRoCSRIQAvD_BwE&gclsrc=aw.ds

Filing Taxes සම්බන්ධව ඔබට කිසිම අදහසක් නොමැති නම්, CRA සමඟ ගනුදෙනු කිරීමේ බලය ඔබට වෙන කෙනෙකුට පැවරිය හැක.ඔබේ ප්‍රදේශයේ නොමිලේ බදු සායන ඇති අතර, ඔබේ ආදායම අඩු නම්, ඔවුන්ගේ සේවය ලබා ගැනීමට ඔබට සුදුසුකම් ලැබෙනවා. සායන තොරතුරු සඳහා පහත වෙබ් අඩවියට යන්න

https://www.canada.ca/en/revenue-agency/campaigns/free-tax-help.html

නැත්නම් මේ දුරකථන අංකයට අමතන්න 1-800-387-1193.

dementia, alzheimer, age-8734695.jpg

RRSP-Registered Retirement Savings Plan(ලියාපදිංචි විශ්‍රාම ඉතුරුම් සැලැස්ම)-

සංක්‍රමණිකයින් සඳහාමෙම බදු ප්‍රතිලාභ වලට අමතරව, ඔබ යම් තරමකට ස්ථාවර වූ පසු, බදු ක්‍රමය තුළ තවත් බොහෝ ප්‍රතිලාභ තියෙනවා. ඉන් එකක් නම් RRSP සැලැස්මේ මුදල් ඉතිරි කිරීමයි. පුද්ගලයාගේ වාර්ෂික දායක සීමාව දක්වා, අවුරුදු 71ක් හෝ ඊට අඩු සහ ආදායමක් උපයන බදු අරමුණු සඳහා කැනේඩියානු පදිංචිකරුවෙකුටමෙයට දායක විය හැකියි. නැවත මතක් කරනවා නම්, ඔබට PR හෝ Citizenship නොතිබීම මේ දායකත්වයට බාධාවක් නොවේ.මතක තබාගන්න, RRSP ලෙස මේ ඉතිරි කරන මුදල, ආපසු නොගන්නවානම්, ඔබ ඒ මුදලට ආදායම් බදු ගෙවන්නේ නැහැ. එම නිසා, ඒක ඔබට ලොකු ඉතුරුවක්. ඒ වගේම, මෙම මුදල ඔබ විශ්‍රාම ගිය පසු දෙවන විශ්‍රාම දීමනාවක් වගේ වටිනවා.

https://www.canada.ca/en/revenue-agency/services/tax/individuals/topics/rrsps-related-plans/registered-retirement-savings-plan-rrsp.html

FHSA-First Time Home Savings Account

තවත් ප්‍රතිලාභයක්වන්නේ බදු අඩු කළ හැකි නව පළමු වරට නිවාස ගැනුම්කරුවන්ගේ ඉතුරුම් ගිණුමයි.ඔබට FHSA ඇත්නම්, ඉන් ඔබේ පළමු නිවසේ මූලික ගෙවීමට(Down payment) එක් කිරීමට අමතර 5-10% දක්වා මුදලක් FHSA ගිණුමෙන් ලබා ගැනීමට ඔබ සුදුසුකම් ලබයි.මතක තබාගන්න, මේ ඉතිරි කරන මුදලට ඔබ ආදායම් බදු නොගෙවන නිසා, මේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම ඉතාමත්ම ඥානවන්ත දෙයක්. නව සංක්‍රමණිකයකු හැටියට ඔබ මෙම ආයෝජනයට සුදුසුද කියලා බලමු.

ඔබ

1. අවුරුදු 18 අට වැඩිනම්

2. මේ ගිණුම ආරම්භ කරන දිනයට අවුරුදු 4 කට පෙර ඔබ හෝ ඔබේ සහකරු/සහකාරිය/පොදු නීති සහකරුසතුව නිවසක් නොතිබුනා නම්,නිවසක් මිලදී ගැනීම සඳහා ඔබට ඔබේම RRSP වෙතින් ණයක් ලබා ගැනීමට හැකිවීම තවත් මේකෙ වාසියක්.

https://www.placetocallhome.ca/fthbi/first-time-homebuyer-incentive

adult, mother, daughter-1807500.jpg

Canada Education Savings Grant (CESG)-දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ඉතිරි කිරීම්

අවුරුදු 17 ට අඩු දරුවන් සිටිනා නව සංක්‍රමණිකයින්ට කැනේඩියානු රජය මගින් සහන සලසන තවත් ප්‍රතිලාභයක් ලෙස මෙය සලකන්න පුලුවන්. කැනඩාවට පැමිනෙන බොහෝ දෙමව්පියන්ගේ අභිලාෂය තමයි තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීම. නමුත් කැනේඩියානු විශ්ව විද්‍යාල(University) සහ කොලීජි(College)අධ්‍යාපනය නොමිලේ සපයන්නෙ නැහැ.වසරින් වසර ඉහල යන උසස් අධ්‍යාපන වියදම් හේතුවෙන් දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය වියදම් ගැන පුරෝකථනය කිරීම ඉතා අපහසුයි. ඒනිසා දෙමව්පියන් ඒ වියදම් සඳහා යම්කිසි මුදලක් ඉතිරි කර තැබීම දරුවාට ඒ කාලයේදී ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා.

මේ වැඩසටහනේ වැදගත්ම කොටස තමයි, ඔබ දරුවා වෙනුවෙන්  කරන දායකත්වයෙන් මුදලින් 20%කට සමාන මුදලක් (වසරකට $500-උපරිමය $7200 දක්වා)රජය මගින් ප්‍රදානය කිරීම.අරමුදල් ආපසු ගන්නා තෙක් ඔබේ RESP ඉපැයීම් බදු රහිතව වර්ධනය වෙනවා.දරුවා මුදල් ප්‍රයෝජනයට ගැනීම ආරම්භ දින පටන් ශිෂ්‍ය  අනුපාතයකට අනුව ආදායම් බදු ගෙවීම(income tax is based on student rate) ආරම්භ වෙනවා.

https://www.canada.ca/en/services/benefits/education/education-savings/estimating-amounts.html

https://www.canada.ca/en/revenue-agency/services/tax/international-non-residents/individuals-leaving-entering-canada-non-residents/newcomers-canada-immigrants.html

https://www.canada.ca/en/revenue-agency/services/tax/international-non-residents/individuals-leaving-entering-canada-non-residents/newcomers-canada-immigrants.html#h_3-1

නමුත් ඔබ කැනඩාවට ඇතුල්වී තවම වසරක් ගත නොවූයේ නම්CRA ඔබව නවකයෙකු ලෙස සලකයි. රටට පැමිණි අවුරුද්දේම පවා බදු ගොනු කිරීමට ආරම්භ කිරීමටත් පෙර සිටම පහත ප්‍රතිලාබ වලට ඔබ හිමිකම් කිව හැක.

https://www.canada.ca/en/revenue-agency/services/tax/international-non-residents/individuals-leaving-entering-canada-non-residents/newcomers-canada-immigrants.html

  1. Child Tax-CCB
  2. Goods and Sales Tax/ GST/HST
  3. මේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඔබ පිරවීමට අවශ්‍ය, Form RC66(GST/HST) සහ  Form RC151(Child Tax Benefit).  ඒත් එක්කම Form RC66SCH ද ඇතුල් විය යුතුයි.
  4. මේ සඳහා අවශ්‍ය වන ලිපි ලේඛන{උප්පැන්න සහතිකය, SIN(Social Insurance Number වැනිලේඛන)} පහත සඳහන් Link එක මගින් ලබා ගන්න.https://www.canada.ca/en/revenue-agency/services/child-family-benefits/supporting-documents.html#h_5
  5. ඔබ GST/HST ණය සහ CCB සඳහා අයදුම් කරන්නේ නම්, ඔබ දෙකටම වෙන වෙනම අයදුම් කිරීමට අවශ්‍ය නැහැ. දෙකම සඳහා අයදුම් කිරීමට RC66/RC66SCH පෝරමය පමණක් භාවිතා කරන්න.
  6. මෙම පෝරමය සහ ඕනෑම ලේඛනයක් ඔබේ ප්‍රදේශයට සේවය කරන බදු මධ්‍යස්ථානයට යවන්න.ඔබට ආසන්න CRA එක පහත සඳහන් Link එක මගින් ලබා ගන්න.https://www.canada.ca/en/revenue-agency/corporate/contact-information/office-locations.html

කැනේඩියානු සංක්‍රමණිකයින් සඳහා ඉංග්‍රීසි මාධ්‍යයේ තොරතුරු ලබා ගැනීම සඳහා පහත YouTube Channel එකසහ Facebook page එකබලන්න.

https://www.youtube.com/channel/UCfb9JrxlyrgtYK7COgLjqLA

https://www.facebook.com/asoka.jayalath.7771

මීලඟ ලිපියෙන් මා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ කැනඩාවේනව සංක්‍රමනිකයන්ට වඩා සුදුසු පලාත් (Provinces)ගැනයි.

මෙම විද්‍යුත් පුවත්පත කිසිදු කැනඩා රජයේ නියෝජිතආයතනයකට හෝ ආගමන නීතිවේදීන්ට සම්බන්ධයක් නැත. මෙම ලිපියේ තොරතුරුවලට පදනම් වී ඇත්තේ විවිධ Online වෙබ් අඩවිවලින් ලබා ගත් විස්තරයි. එබැවින්, කරුණාකර ඔබේ විශේෂිත සංක්‍රමණ අවශ්‍යතා සඳහා විශේෂඥ ආගමන නීතීඥවරයෙකු හෝ උපදේශකයෙකු අමතන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *