ඔලිම්පික් අත්හදා බැලීම්වලදී මීටර් 200 සමනල ආර ඉසව්වෙන් ටොරොන්ටෝ හි  මැකින්ටොෂ් ජයග්‍රහණ අතරට.

Summer McIntosh පැරිස් ඔලිම්පික් තරඟාවලියට  සඳහා සුදුසුකම් ලබා ගත් අතර එය වසර තුනකට පමණ පෙර ඇයගේ අවසන් තරඟයට වඩා වෙනස් අත්දැකීමකි.17 හැවිරිදි ඇය පසුගියදා  ඔලිම්පික් සහ පැරාලිම්පික් අත්හදා බැලීම් වලදී මීටර් 200 කාන්තා සමනල ආර ඉසව්ව ජයග්‍රහණය කරමින් නැවත වරක් සිය ජයග්‍රහණය තහවුරැ කළාය. මැකින්ටොෂ් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලය විනාඩි 2:08.43ක් ලෙසින් විනාඩි දෙකයි තත්පර 4.33කින් ලොව වේගවත්ම කාලය වාර්තා කළේය.

එය ටොරොන්ටෝ ක්‍රිඩිකාවක අත්හදා බැලීම් සඳහා සුදුසුකම් ලැබීමේ කාලයට යටත් වූ සිව්වන ඉසව්වයි. ඇය ඉදිරියේදී  200 කේවල මිශ්‍ර ඉසව්වට තරඟ කිරීමට නියමිතයි.

පසුගිදා ඇය මීටර් 400 නිදහස් ආර තරගයේ පලමු වැන්නා වූ අතර ඊට පසුදා  200 නිදහස් තරගයෙන් ඇය පහසු ජයග්‍රහණයක් ලබා ගත්තාය. ඉන්පසු ඇය බ්‍රහස්පතින්දා 400 කේවල මිශ්‍ර තරගයෙන් ඇයගේම ලෝක වාර්තාව බිඳ දැමිමට සමත්විය.

14 හැවිරිදි වියේ පසුවන මැකින්ටොෂ්ගේ ටෝකියෝ ඔලිම්පික් ආගමනය බොහෝ දෙනාගේ නෙත් සිත් ඇදගත් අතර එතැන් සිට ඇය 2022 සහ 2023 අතර ලෝක ශූරතා පදක්කම් අටක් (රන් හතරක්, රිදී එකක්, ලෝකඩ තුනක්) සමඟින් පිහිණුම් තාරකාවක් බවට පත්විය.2023 ජපානයේ Fukuoka හි පැවති ලෝක ජල ක්‍රීඩා ශූරතාවලියේදී McIntosh සමනල 200 සහ IM 400 යන දෙකෙන්ම රන්පදක්කම් දිනා ගත්තාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *