පසුගියදාට යෙදුණු සම්බුදු තෙමඟුල නිමිති කර රට පුරා වෙහෙර විහාරස්ථානවල දාන ශීල භාවනා වලට මුල් තැන දෙමින් විවිද පිංකම් පැවැත්විණි.තොරණ, දන්සල්, වෙසක් කූඩු වලින් ද නගර සහ ගම් දනව් වර්ණවත් වී තිබුණා.
රට පුරා ස්ථාන රැසක බත් දන්සැල් ඇතුළු විවිධ ආහාර වර්ග ප්‍රදානය කිරීමේ දන්සැල් සංවිධාන කර තිබුණා.
රට පුරා 5,000 කට ආසන්න දන්සැල් ද, වෙසක් කලාප 419 ක් ද, තොරණ 321 ක් සහ වෙනත් උත්සව 1,000 කට අධික සංඛ්‍යාවක් පැවැත්වූ බව ද පොලිසිය කියා සිටියා.
මෙවර රාඡ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වුණා. 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සදහා රටවල් 12ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටිම ද විශේෂත්වයක්.
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් කොළඹ නගරයේ පමණක් තොරණ 08ක් සහ වෙසක් කලාප 05ක් මෙවර ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
බාලදක්ෂ මාවත පැරණි එම්.ඕ.ඩී. ගොඩනැගිල්ල තිබූ ස්ථානය, මරදාන ඩින්ස් පාරේ සීමන් හන්දිය, දෙමටගොඩ හන්දිය, ඔරුගොඩවත්ත හන්දිය, කොස්ගස් හන්දිය, නවගම්පුර තොටළඟ පොල අසල, බේවෘක් පෙදෙස, මරදාන ආනන්ද මාවතේ වයිර්ක් පිටිය, යන ස්ථානවල ප්‍රධාන තොරණ ඉදිකර තිබුණා.
එමෙන්ම කොළඹට ආසන්න තදාසන්න ප්‍රදේශ වන පෑලියගොඩ මාළු වෙළෙඳ සැල අසල, පෑලියගොඩ නවලෝක හංදිය, පිළියන්දල, තලවතුගොඩ, මරදාන, කිරිබත්ගොඩ, මාකොළ, කඩවත මාලබේ, කැලණිය ගෝනවල, ඔරුගොඩවත්ත, අංගොඩ, ගොතටුව, කොට්ටාව, ගම්පහ ආදී ප්‍රදේශයන්හි තොරණ කිහිපයක් ඉදිකර තිබීම විශේෂත්වයක්.
කොළඹ නගරය ප්‍රධාන වෙසක් කලාප 05කින් සමන්විත වූ අතර ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය, බුද්ධාලෝක වෙසක් කලාපය, සිරස වෙසක් කලාපය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පුජා වෙසක් කලාපය සහ අමාදහර වෙසක් කලාපය, මෙම කලාප කොළඹ කොටුව, කොළඹ පුරහල් පරිශ්‍රය, ගංගාරාම, කොළඹ 07 බේවෘක් පෙදෙස ඒ අතර වුණා.