පසුගිය ඉරිදා අලුයම ඔෂාවා ප්රදේශයේ නිවසකට වාහනයක් කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගියා.ඩර්හැම් ප්රාදේශීය පොලිස් සේවය (DRPS) පැවසුවේ ග්ලෙන්බර්න් උසාවියේ නිවසකට අලුයම 4:30 ට පමණ මෙම වාහනයක කඩා වැදී ඇති බවයි.මෝටර් රථයේ රියදුරු වූ 37 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර නිවසේ සිටි කිසිවකුටත් තුවාල සිදුවී නැහැ.
පරීක්ෂණ හේතුවෙන් පැය කිහිපයක් ප්රදේශයේ මාර්ග වසා තැබීමටද පොලිසිය කටයුතු කලා.අනතුර ගැන තොරතුරු දන්නා ඕනෑම අයෙකුට නැගෙනහිර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අමතන ලෙස පොලීසිය දැනුම් දෙනවා.