කැනඩාව සාධාරණ යුක්තිය සහතික කිරීමට අපොහොසත් වි ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලයක් අනතුරු හඟවනවා. ඔවුන් පෙන්වාදෙන්නේ නඩු විභාග ප්‍රමාදයන් කිරීම් සහ ආදිවාසීන්ගේ අනුපාතය අඩු කිරීමට අදහස් කරන මුලපිරීම් පිළිබඳ ගැටළු මතුව ඇති බවයි. අත්තනෝමතික රඳවා තබා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම ද පවසන්නේ ඔටාවා බලධාරීන්ට චෝදනාවකින් තොරව විදේශිකයන් කොපමණ කාලයක් රඳවා තබා ගත හැකිද යන්න පිළිබඳ සීමාවක් තිබිය යුතු බවයි. දේශසීමා ආරක්ෂකයින් කැනඩාවේ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සමඟ අන්තර් ක්‍රියා කළද, කැනඩාවේ දේශසීමා සේවා ඒජන්සියට නිල අධීක්ෂණ ආයතනයක් නොමැති බව එම විශේෂඥයින් පිරිස පෙන්වා දෙනවා.
ඔටාවා බලධාරීන්ට විදේශිකයන් හඳුනා ගැනීමට නොහැකි වූ විට හෝ ආගමන නිලධාරීන් සැක කරන විට ඔවුන් කැනඩාවේ රැඳී සිටිය හැකිද යන්න තීරණය කරන නඩු විභාගවලට චෝදනාවකින් තොරව රඳවා තබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ සදහා සංක්‍රමණ රැඳවුම් සඳහා ෆෙඩරල් බන්ධනාගාර භාවිතා කිරීමට සැලසුම් කරන බවයි විශේෂඥයින් පිරිස පෙන්වා දෙන්නේ. කමිටුවේ සභාපති මැතිව් ගිලට් ඔටාවා හි වාර්තාකරුවන්ට පැවසුවේ, කැනඩාව වැනි රටවල් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම වළක්වන්නේ අධීක්ෂණය සහ වගවීම් තුලින් බවයි. CBSA නිලධාරීන් ඔවුන්ගේ රැකියා වෘත්තීමය වශයෙන් සහ නිවැරදි සදාචාරාත්මක වටිනාකම් සහිතව සිදු කරනු ඇතැයි අපි නිසැකවම බලාපොරොත්තු වන අතර, අධීක්ෂණ යාන්ත්‍රණයක් නොමැති නම්, එය හුදෙක් වැරදි සහ අපයෝජනයන් සිදුවීමේ අවදානම වැඩි කරයි, ” යනුවෙන් ඔහු එම ප්රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා.
පොලිසිය බලය අධික ලෙස භාවිතයෙන් වැළකී සිටීම සහ නිසි අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම සම්බන්ධයෙන් කැනඩාව සමස්තයක් ලෙස හොඳින් ක්‍රියා කරන බවත් එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පිරිස පවසනවා. මේ අතර අත්අඩංගුවේ සිටින තරුණයින් සිරගත කිරීම් අඩු කිරීම් වැනි ඔන්ටාරියෝහි ප්‍රතිසංස්කරණ මුලපිරීම් පිළිබදව එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පිරිස සිය ප්‍රසාදය පලකර සිටියා.