UNPයේ මැතිවරණ කල් දැමීමේ යෝඡනාවට පාර්ශව රැසකින් විරෝධය.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය අවුරුදු දෙකකට කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසට එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ගෙන් හා මන්ත්‍රීවරුන්ගෙන් පසුගියදා ඉල්ලීමක් කලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යෝග්‍ය බව ත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් ඊට සහය දැක්විය යුතු බව ත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කලා.මෙම යෝජනාව සම්මත කරගෙන, එය ජනමත විචාරණයකින් තහවුරු කරගැනීම වඩා ත් ප්‍රායෝගික හා ප්‍රජාතන්ත්‍රවාදී බව පැවසූ මහලේකම්වරයා මෙය මැතිවරණ සිතියම අකුලාදැමීමක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි කිරීමක් නොවන බව ද පවසනවා.තව ද මෙම අවස්ථාව මගහැරීමෙන් වළකින ලෙසට සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව ද ඔහු සඳහන් කලා.පිටකෝට්ටේ පිහිටි සිරිකොත එජාප මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කලා.

මෙම අසීරු අවස්ථාවේදී මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් පරිසරය දූෂණය වීම, රජයේ මුදල් නාස්ති වීම සහ රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙලට හානියක් වීම සිදුවන බව රංගේ බණ්ඩාර මහතා පවසනවාමේ අතර පාලිත රංගේ බණ්ඩාර මහතාගේ මෙම ප්‍රකාශයට පාර්ශව රැසකින් දැඩි විරෝධය එල්ලවුණා.

මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ප්‍රකාශ කලේ.බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ප්‍රතිපත්තිවලට හානියක් බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටි කාලයේදී වෙලාවට ඡන්ද පැවැත්තුවා මිස මැතිවරණ කල් නොදැමූ බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දෙනවා.

සමගි ඡනබලවේගය,ඡාතික ඡන බලවේගය ඇතුලු විපක්ෂයේ පක්ෂ රැසකින්ද ඊට විරෝධය පලවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *