ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළා.
රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ මේ සඳහා රජය මිලියන 150ක මුදලක් වෙන් කර ඇති බවයි.
ජලය බැස ගිය පසුව අදාළ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා මෙම මුදල ලබා දෙන අතර එය වගකීමෙන් අවශ්‍ය ජනතාව වෙත බෙදා දීමේ කටයුතු සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා තවදුරටත් පවසා සිටියා.
“මේ වෙන කොට දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 266ක පවුල් 74,313ක සාමාජිකයින් 284, 505 ක් මෙම ආපදාව නිසා පීඩාවට ලක් වෙලා තිබෙනව. මරණ 31ක් වාර්තා වෙනවා. සොයා ගැනීමට නොහැකි වූ පුද්ගල සංඛ්‍යාව 3ක් ලෙස වාර්තා වෙනවා. අද වෙනකොට සහන මධ්‍යස්ථාන 204ක පවුල් 3147ක සාමාජිකයින් 12 638ක් ඉන්නවා. ඒ අනුව මෙම අයට පිසූ ආහර වේල්, තේ ඇතුළු පහසුකම් ලබා දීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා.