මිනීමැරුම් අඩු වූවත්, 2023 දී මොන්ට්‍රියල් හි සමස්ත අපරාධ අනුපාතය ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා. එය බොහෝ දුරට පහරදීම්, මංකොල්ලකෑම් සහ මෝටර් රථ සොරකම් වැනි වැරදි බවයි පොලිසිය නිවේදනය කළේ. පසුගිදා ප්‍රකාශයට පත් කරන ලද පොලිසියේ 2023 වාර්ෂික වාර්තාවෙන් හෙළි වූයේ අපරාධ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම් 2022 ට වඩා සියයට 12 කින් ඉහළ ගොස් ඇති අතර එය පෙර වසර පහේ සාමාන්‍යයට වඩා සියයට 24.5 කින් ඉහළ යෑමක් බවයි. Montreal පොලිස් ප්‍රධානී Fady Dagher පවසන්නේ මෙම වැඩිවීම විශාල වශයෙන් සිදුවන්නේ පුද්ගලයන්ට එරෙහි පහරදීම් සහ වෙනත් අපරාධ මෙන්ම මෝටර් රථ සොරකම් ඇතුළු දේපල අපරාධ වලින් බවයි.
පෙර වසරේ වාර්තාවු මිනීමැරුම් 42 ට සාපේක්ෂව 2023 දී මිනීමැරුම් 31 දක්වා පහත වැටී ඇති බවත්, මිනීමැරීමට තැත් කිරීම් අඩු ප්‍රවණතාවක් ඇති බවත් “සන්නද්ධ ප්රචණ්ඩ සිදුවීම්” සියයට 26 කින් අඩු වූ බවත් ඩැගර් සඳහන් කලා. “මෙය ධනාත්මක ප්‍රතිඵලයක්, නමුත් 2024 දී පෙරමුණු කිහිපයක අපගේ උත්සාහයන් දිගටම කරගෙන යාමේ වැදගත්කම පිළිබඳව අපි සම්පූර්ණයෙන්ම දැනුවත්ව සිටිමු,” යනුවෙන් ඔහු ප්‍රකාශ කලා. “අපි තවම ඉවර නැහැ. අපිට තවම ලොකු අභියෝග තියෙනවා.” වාර්තාවේ ඉහළ යන මෝටර් රථ සොරකම් වලට හේතු වූ COVID-19 යුගයේ සැපයුම් දාම කඩාකප්පල් කිරීමි හේතු වි තිබුණා. පසුගිය වසරේ මොන්ට්‍රියල් හි වාහන 11,756 ක් සොරකම් කර ඇති අතර, 2022 දී 9,583 ක් සහ 2018 දී 4,345 ක් පමණක් සොරකම් කර ඇති බවයි එහි සඳහන් වන්නේ. පසුගිය වසරේ සොරකම් සම්බන්ධයෙන් පුද්ගලයින් 538 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 6,384 ක් සොයා ගත් බව ද පොලිසිය ප්‍රකාශ කලා.
2023 දී වංචා, කඩාකප්පල් කිරීම් සහ සරල සොරකම් සියල්ල ඉහළ ගිය අතර, වාර්තාව යෝජනා කළේ උද්ධමනය ඊට හේතු වී ඇති බවයි. “ඉහළ යන ජීවන වියදම සහ මූල්‍ය අවිනිශ්චිතතාවය නිසා ඇති විය හැකි නිසා සමහර අය සොරකම් කිරීමට පොළඹවා ගත හැකිය” යනුවෙන් එහි සඳහන් වුනා. 2023 දී වෛරී අපරාධ 353 ක් සහ ද්වේෂ සහගත සිදුවීම් 171 ක් වාර්තා වී ඇති අතර එය වාර්තාවක් ලෙස ඩගර් විස්තර කළේය. වින්දිතයින්ගෙන් අතිමහත් බහුතරයක් වාර්ගික හෝ ජාතික සම්භවය, සමේ වර්ණය හෝ ආගම හේතුවෙන් ඉලක්ක කර ඇති බව සොයාගෙන තිබුනා. ඉදිරි වසරවලදී පොලිසියේ උපාය මාර්ගයට අපරාධ වැළැක්වීම සඳහා වඩාත් ක්‍රියාශීලී ප්‍රවේශයක් ගැනීම සහ ආරක්ෂාව පිළිබඳ හැඟීම බිඳෙනසුලු විය හැකි බවද ඔහුද පිළිගත්තා.