අයවැයේ පොරොන්දු කඩලා.

මෙම වසරේ ගිම්හාන සෘතුවේදී සංචාරය කළ යුතුම රටවල්  තුන ලෙස ෆෝබ්ස් සඟරාව ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරීෂියස් රාජ්‍යයන් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව පරිසරයට ආදරය කරන්නන්ට කදිම සංචාරක ගමනාන්තයක් බවත් ශ්‍රී ලංකාව සතුව ජාතික උද්‍යාන 22 ක් තිබෙන බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කළා.

මෙම වසරේ පළමු කාර්තුව වන විට ලොව සංචාරක කර්මාන්තය කෝවිඩ් වසංගතයට පෙර පැවති තත්ත්වයට බොහෝ දුරට පැමිණ ඇතැයි ෆෝබ්ස් සඟරාව සඳහන් කරනවා.

මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා සංචාරකයන් මිලියන 285 ක් ජාත්‍යන්තර ව සංචාරය කර ඇතැයි ෆෝබ්ස් සඟරාව පෙන්වා දුන්නා.

එය පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයට සාපේක්ෂව සියයට 20 ක වැඩි වීමක් බවද ෆෝබ්ස් සඟරාව වාර්තා කළා.

මීළඟ මාස කීපය තුළදී ඇමෙරිකානු සංචාරකයන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට ඉඩ තිබෙන බවද එම සඟරාව පෙන්වා දෙනවා.

සංචාරකයන් මෙම ගිම්හාන ඍතුවේදී යුරෝපය මගහැර සිටීම යෝග්‍ය යැයි ෆෝබ්ස් සඟරාව වැඩිදුරටත් සදහන් කලා.

මේ අතර මධුසමය ගත කිරීම සඳහා ලොව හොඳම ගමනාන්ත අතරින් පස්වැනි තැනට ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබේනවා.

ඒ Enjoy Travel නම් ජාත්‍යන්තර වෙබ් අඩවිය සිදුකළ වර්ගකිරීමකට අනුවයි.

මෙම වාර්තාවෙන්  ඔවුන් මධුසමය ගත කිරීම සඳහා ලොව හොඳම ගමනාන්ත  20 ක් ශ්‍රේණිගත කර තිබුනා.

මීදුම් වැසුනු කඳු පන්ති, අලංකාර  තේ වතු, සුන්දර  වෙරළ තීරයන්, ජෛව විවිධත්වයෙන් අනූන වනාන්තර, ඓතිහාසික වටිනාකමකින් යුතු නගර සහ තවත් බොහෝ සුන්දර අත්දැකීම් ලබා ගැනීමට ලැබෙන අවස්තා හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම ස්ථානයේ තැබීමට හේතු වු බවයි එම වෙබ් අඩවිය සදහන්කලේ.

වෙනත් රටවලට  සාපේක්ෂව පහසු මිලකට ඉතා ප්‍රණීත ආහාර රස විදිමට හැකි වීම සහ වනෝද්‍යාන හරහා වනජීවින් දැක බලා ගැනීම වැනි සජීවී අත්දැකීම් ලැබීමට හැකි වීමත් විශේෂත්වයන් ලෙස දක්වා තිබෙනවා.

Enjoy Travelවෙබ් අඩවි වාර්තාවට අනුව, තායිලන්තයේ කෝ චෑන්ග් , චිලී දේශයේ පටගෝනියා දූපත් , ඉන්දියාවේ රාජස්ථානය  සහ සන්සිබා රාජ්‍ය පිළිවෙළින් මේ ලැස්තුවේ පළමු ස්ථාන 4 හිමිකරගෙන සිටීනවා.

Enjoy Travelවෙබ් අඩවිය යනු සංචාරකයන් වෙනුවෙන් විශේෂිත එංගලන්තය මූලික කරගෙන ක්‍රියාත්මක වන්නා වූ වෙබ් අඩවියක්.

2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25 ට ප්‍රතිපාදන ලෙස වෙන්කළ රුපියල් බිලියන 49.3 න් රුපියල් බිලියන 43.8 ක මුදලක් වෙන්කර තිබූ අයවැය පොරොන්දු වල ප්‍රගතිය ගැන තොරතුරු ලබාදීමට රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

එම පොරොන්දු 25න් 18 ක ප්‍රගතිය මැනීමට ප්‍රමාණවත් තොරතුරු තිබුණත් ඒ සඳහා වෙන්කර තිබූ ප්‍රතිපාදනවල වටිනාකම රුපියල් බිලියන 5.4 ක් බවත් එය සමස්ත මුදලින් සියයට 11 වැනි සුළු ප්‍රතිශතයක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කලා.

පොරොන්දු 25න් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ඇත්තේ පොරොන්දු හතරක් පමණක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 16 බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.

ගෙවුණු වසර දෙකක කාලයකදී අයවැය තුළින් වැඩිම මුදලක් වෙන්කළ සමාජ ආරක්ෂණ වැඩසටහන් සම්බන්ධයෙන් ලබා ගත හැකි තොරතුරු ප්‍රමාණය ඉතාමත් අඩු මට්ටමක පවතින බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ.

සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා 2022 වසරේදී රුපියල් බිලියන 26.8 ක්ද 2023 වසරේදී රුපියල් බිලියන 43ක්ද වෙන්කර තිබූ අතර එසේ විශාල මුදලක් වෙන් කර තිබුණත් එම පොරොන්දුවල ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධ කිරීමට වසර දෙකේදීම රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *