ටොරොන්ටෝ පල්ලියේ ඇතිවු ගින්නෙන් පසුව විමර්ශන ඇරඹේ

ටොරොන්ටෝ හි ලිට්ල් පෘතුගාල ප්‍රදේශයේ ඓතිහාසික පල්ලියේ, ඇතිවු ගින්නෙන් පසුව පොලිසිය විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

ලිට්ල් පෘතුගාලයේ ශාන්ත ආනා දේවස්ථානයේ ගින්නට පෙර අනතුරු ඇඟවීමේ නලාහඩ 4ක නිකුත්ව ඇති අතර ඒ පිලිබදව පොලිස් විමර්ශනය යොමුව තිබෙනවා.

ගින්නෙන් ටොරොන්ටෝ ඓතිහාසික පල්ලිය ගින්නෙන් විනාශයට පත්වුනා

 පසුගිය ඉරිදා ඇතිවු  මෙම ගින්නෙන් දේවස්ථානයේ තිබූ  ඓතිහාසික කලා කෘති කිහිපයක් විනාශ වී තිබෙනවා..

ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ටොරොන්ටෝ පොලිසිය කියා සිටියේ ගින්නත් සමග ඔවුන් එම ස්ථානයට පැමිණි බවත් පල්ලියෙන් ඝන කළු දුමාරයක් පැමිණි බවයි. ඔවුන් පැවසුවේ “සම්පූර්ණයෙන්ම ගිනිදැල්වලින් ගිලී ඇති” බවයි.ගින්නෙන් ගොඩනැගිල්ල පුරා සැලකිය යුතු ව්‍යුහාත්මක හානියක් සිදු වි ඇති බව පොලිසිය ප්‍රකාශ කලා.

ගින්න උදෑසන වන විට මැඩපවැත් වු අතර  ගින්න හටගන්නා අවස්ථාවේ එහි කිසිවකු නොසිටි බැවින් කිසිදු අනතුරක්  වාර්තා වී නොමැති බව බලධාරීහු කියා සිටියා. නියෝජ්‍ය ගිනි නිවන ප්‍රධානී ජිම් ජෙසොප් පැවසුවේ “මේ වන විට ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්, ඇතුළත ඇති සියලුම කෞතුක වස්තු විනාශ වී ඇති බවයි.තවද ගින්නට හේතුව කුමක්දැයි අනුමාන කිරීමට “ ඉක්මන් වැඩි” බවද ඹහු ප්‍රකාශ කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *