ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපළ මහා පරිමාණ බෝම්බ තර්ජන අභ්‍යාසයක්

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපළේ නිලධාරීන් සියයකට වැඩි පිරිසක් එක්ව මහා පරිමාණ බෝම්බ පිපිරුමකදි කටයුතු කරන ආකාරය පිලිබද අභ්‍යාසයක් ක්‍රියාත්මක වුනා.. සෑම වසරකම, ගුවන් තොටුපළ එහි සැලසුම් සහ ක්‍රියා පටිපාටි පරීක්ෂා කිරීමට සහ එහි  කිසියම් අඩුපාඩු සහ හිඩැස් හඳුනා ගැනීමට මෙවැනි මහා පරිමාණ හදිසි අභ්‍යාසයන් පවත්වනවා.

අභ්‍යාසය පලමු පර්යන්තයේදී 300 කට අධික පිරිසක් එක්ව පැවැත් වුනා.බෝම්බ තර්ජනයට  කාලීන ප්‍රතිචාරයක් දැක්වීම එහිදි සිදුවුනා.. සෙනසුරාදා සිදුකල අභ්‍යාසයෙන් මගීන්ට හෝ ඔවුන්ගේ ගුවන් ගමන් කාලසටහන්වලට කිසිදු තර්ජනයක් එල්ල නොකළ නමුත් එහි යථාර්ථවාදී නිරූපණය නිසා එක රැයකින් ගුවන් තොටුපළේ පැය ගණන් ඉහළ ක්‍රියාකාරකම් සිදු වුනා.. “මෙම අනුකරණ අභ්‍යාස හදිසි සූදානම සඳහා අපගේ කැපවීම අවධාරනය කරන අතර අපගේ ඒකාබද්ධ ප්‍රතිචාරයේ සියලුම අංග පරීක්ෂා කිරීමට අපට සහ අපගේ හවුල්කරුවන්ට අවස්ථාව සලසා දෙයි. යනුවෙන් බෝම්බ අභ්‍යාසය පිලිබදව අදහස් දක්වමින් බලධාරීන් ප්‍රකාශ කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *