2025 වර්ෂය වෙනුවෙන් අය-වැයක් ඉදිරිපත් නොකරන බව ත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බව ත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ, රුවන්වැල්ල ප්‍රදේශයේදී පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
මෙම වර්ෂය ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීමට නියමිත වර්ෂයක් වන බව ද මීට පෙර ද එවැනි අවස්ථාවලදී මේ ආකාරයෙන් අතුරු සම්මත ගිණුම් සම්මත කරගෙන තිබෙන බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ය.
ඔහු තවදුරට ත් සඳහන් කළේ, 2024 වර්ෂය වෙනුවෙන් සම්මත කරන ලද අය-වැය වාර්තාව මගින් 2024 දෙසැම්බර් මස 31 වන දා දක්වා පමණක් ආදායම්, වියදම් සිදු කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී ඇති බව ද ඒ අනුව, 2025 වර්ෂය සඳහා වෙන ම අය-වැය ලේඛනයකින් අනුමැතිය ගත යුතු බව ය.
කෙසේ වුව ද, මෙම වසර තුළ ජනාධිපතිවරණයක් පැවත්වීමට නියමිත බැවින් එහිදී එක් එක් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉතා වැදගත් වන අතර එම ප්‍රතිපත්ති ප්‍රකාශ ක්‍රියාත්මක කිරීමට වැදගත් ම ලේඛනය වූ අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමට වඩාත් ප්රජාතන්ත්රවාදී ලෙස ඉඩක් තබා 2025 මුල් කාර්තුව වෙනුවෙන් මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.