ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලබා දීම සඳහා එම අරමුදලේ විධායක කමිටුව පසුගියදා පැවැති රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
ඒ අනුව තෙවැනි වාරිකය ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.පසුගිය වසරේ අවසානය වනවිට ඉටුකළ යුතුව තිබූ සමාජ වියදම් ඉලක්කය හැර අනෙකුත් ප්‍රමාණාත්මක ඉලක්ක සියල්ලම ශ්‍රී ලංකාව සපුරා ඇති බවත් මෙම වසරේ අප්‍රේල් මස අවසානය වනවිට ළඟා කරගත යුතුව තිබූ ව්‍යුහාත්මක ඉලක්ක ඉටුකර හෝ ප්‍රමාදයක් ඇතිව ක්‍රියාත්මක කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබුනා.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් අවදානම් තත්ත්වයෙන් බැහැර වී නොමැති බවත් මෙරට ණය තිරසරභාවය ඇතිකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරණ උත්සාහය ගමන් කරන්නේ කුමන දිශාවටදැයි පැවැසීමට අපහසු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවා.මෙරට ආර්ථිකය කල් පවතින අයුරින් යථා තත්වයට පත් කිරීමට සහ ණය තිරසරභාවය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දරන උත්සාහය සහ ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය විධායක අධ්‍යක්ෂකවරුන්ගේ පැසසුමට ලක්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවා.ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ ඵල දැරීමට ආරම්භවී ඇති බවත් මෙරට ආර්ථිකය යථා තත්වයට පත් වීමට ආරම්භ වී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා. එසේම රජයේ අදායම ඉහළ යමින් පවතින බවත් මෙරට නිල සංචිත ඉහළ යමින් පවතින බවත් විධායක අධ්‍යක්ෂකවරුන් පෙන්වාදුන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවා.
කෙසේ වෙතත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉදිරි මැතිවරණවලදී දුර්වලතා සහ අවිනිශ්චිතතා මතුවිය හැකි බව විධායක කමිටුව පෙන්වා දුන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් මෙරට සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ශක්තිමත් කරන ලෙස මෙරට බලධාරීන්ගෙන් විධායක කමිටුව ඉල්ලා සිටි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.