දරා ගන්න බැරි පිලිවෙළ!
ගල් ලෙන බිඳ නැත
ලෙන් දොර ඇර ඇත
මා ප්‍රිය දියණිය
අද ඔබ එහි නැත
ලෙන තුල සුරැකිව
ඇස් දල්වාගෙන
රැකගත් දියණිය
සුරතල් වදණින්
අමතන ලෙසින්ම
කටුගාලක් සේ
පැටලුන
රණඩුකෙක්ක
නැතිව
ලෙන පුරා පාළුව
දොර ඇරි ලෙන් දොර
ඇතුලත බැලුවිට
හැමදා අවුල්ව
බැනුං ඇසූ කාමරය
කිසි දාක දැක නැති තරං
හොඳින්ම පිළිවෙල ව
දරා ගන්න බෑ දුවේ
ඒ පිළිවෙල!
තට්ටයාගේ කොලම
https://thattayagekolama.blogspot.com
මැරුණු පෙම යළි ඉපදි ඉපදී දවන්නද අපෙ හමුව වූවේ
තුරුළු කරගෙන රැක බලන්නට
පිපුණු පැතුමන් ඇතත් බෝමා
කුරුළු සෙනෙහස දැණුනු දිනයෙම
හැඟුම් හිරකර මැවුණි සීමා
පිරුළු ගළපා අරුත සෙව්වත්
නමින් එකමයි ගොඩක් තේමා
කිරුළු රැඳුණත් අහිමි දුකටම
පාළු දෙනුවර සොහොන් සේමා
පිරුණු සඳවත ගුවනෙ සරමින්
පොළෝ තලයට කඳුළු පෑවේ
කරුණු යෙදුනත් දැක බලන්නට
අයිති වනු බැරි රහස කීවේ
තුරුණු හැඟුමන් මතුව සැඟවෙන
හුදෙකලාවක සුසුම් රාවේ
මැරුණු පෙම යළි ඉපදි ඉපදී
දවන්නද අපෙ හමුව වූවේ
දුමින්ද අබේසේකර
https://dumindasanchare.blogspot.com
සුපෙම් කොත මත
හමන මදනල අතර බිහිවුන සුසුම් නිම්නය විසිරුවා
බිඳෙන ඉපදෙන වලාකුළු ඇත නුබ පුරා සිතුවම් මවා
මැවෙන මිරිඟුව ඈත සිට ඇත මා නමින් කෙම්බිම දවා
යදින අයදින දෝත ගෙන මම සිඹිමි තොල්පෙති වෙව්ලවා
පියුම් නොපිපෙත රැළිති විල’දර කුමුදු මල්පෙති කලතමින්
සිතුම් කිසිදින නොහැර යනු ඇත සුසුම් මෙන් මා ප්‍රාණයෙන්
රිදුම් තවරන ඔබේ රුවමයි මැවෙන්නේ සිත කකියමින්
සුපෙම් නොලබා සොහොන්කොත මත තබා යන්නෙමි ප්‍රේමයෙන්
මන්ජි
https://kadadasikole.blogspot.com
ඒකපාර්ශික !
සඳක් වගේ පායා හිනැහෙමින් එබී
පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී
ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී
අදත් ලියනවා මේ ප්‍රේමයට කවී
යන්තං ගැටෙද්දි යන එන මගදි ඇසේ
වත්තං කරපු සෙනහස මදහසින් හැලේ
තෙත අඩි තියා ඇවිදිනකොට හිතම වටේ
කඳුළක් වෙලා ප්‍රේමය නෙත් අගින් වැටේ
මලක් වුනත් අන්සතු උයනක සුපිපී
රසක් තිබේ නොකියූ ප්‍රේමෙක සිරවී
පවනක් වෙලා ඔබෙ කෙහෙ රැල්ලකට ඇලී
සසරක් වුනත් දුර යන්නට එයම ඇතී
සොඳුරු සඳවතී
https://kavisandalla.blogspot.com
කඳුළු එන්නට දුකක් ඕනද…..
අනෝරා මහ වැහි සහස් මැද
රැක්කෙ ඔක්කේ තියා නුඹලව
විඳින්නට මට ජීවිතේ ඉඩ
නොතිබුණා හෙම නොවෙයි මා පුත
ඒ වුණත් ඔය එක හිනාවට
මැකුණි දුක් පපු කන්ද ඉතිරුණ…
නිවන්නට මේ ජීවිතේ බර
පුතුණි ඇස් පිය වුණා නොව
සතුට විඳිනෙමි එදා වාගෙම
කඳුළු එන්නට දුකක් ඕනද….
එදා වාගෙම මහ වැහි වැටෙනකොට
හයිය අදටත් පුතු සෙනේහෙයි මට
නුඹල නැති මට නිවන් මොකටද
එක්ව යමු මේ සංසාර දුර….
මහේෂ් රත්නායක
කැරළිකාරිය
කෝල සිනහව හිතේ රැඳුනා
උර තලේ බර සුසුම් දැනුනා
සුමුදු අතැඟිලි පහස දැනුනා
කැරලි කෙහෙරැලි අතර වෙලුනා
සිසි කැලුම් පරදන සිනා ඇත්තී
හී සරය පරදන බැලුම් ඇත්තී
වෙඬරු මෙන් මුදු හදක් ඇත්තී
කතරේ කෙම් බිම ඔබ මුවැත්තී
සවන් සනහන කතාකාරිය
නුවන් පිනවන ලතා නාරිය
දැහැන් බින්දන දේහදාරිය
මගේ හිතගත් කැරළිකාරිය
නාඩියා නාඩිරත්න