නීතිපතිගේ කාලය දිගු කිරීම ප්‍රතික්ෂේප වෙයි

නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ප්‍රතික්ෂේප වුනා.ඒ අනුව පසුගිය 18 වැනිදා පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.එහිදී ජනාධිපතිවරයාගේ නිර්දේශය දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වී ඇති අතර අවසන් තීරණයකට එළඹීම සඳහා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් අතර ඡන්දයක් ද පවත්වා ඇති බව සඳහන්.ඒ අනුව අදාළ නිර්දේශයට විපක්ෂව ඡන්ද 05ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 03ක් පමණයි.යෝඡනාවට විරුද්ධව විපක්ෂ නායකවරයා හා කබීර් හෂීම් මන්ත්‍රීවරයා මෙන්ම සිවිල් සංවිධාන නියෝඡිතයන් තිදෙනා ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ ධුර කාලය මාස 6කින් දීර්ඝ කිරීමේ යෝජනාව පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.අවස්ථා දෙකක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ අතර එම අවස්ථා දෙකෙහිම මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගෙන එය කල් දැමුණා.ඒ අනුව  අදාළ යෝජනාව පසුගියදා ප්‍රතික්ෂේප වුණා.නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය මෙම මාසයෙන් අවසන් වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *