ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්රීවරුන් සිවු දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් පැවසේ.ෙඑම මන්ත්රීවරුන් සිවු දෙනා සමග ආණ්ඩුව දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බවද ආරංචි මාර්ග සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි ආරංචියක් තමාටද ලැබුණු බවයි.
මේ අතර රාජිත සේනාරත්න, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ද ආණ්ඩුව සමග සන්ධානගත වීමට සූදානම් වෙමින් සිටින බව රජයේ ප්රකාශකයෙක් ප්රකාශ කලා.
ජනාධිපතිවරයා ලබන 2 වැනිදා උදේ 9.30 ට පාර්ලිමේන්තු අමතමින් විශේෂ ප්රකාශයක් කිරීමට නියමිතයි. එම ප්රකාශයෙන් අනතුරුව ඊට පසු දින ජනාධිපතිවරයාගේ ප්රකාශය සම්බන්ධයෙන් විවාදයක් ලබාදීමට ආණ්ඩුව අදහස් කරගෙන සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි ප්රකාශ කෙරුණු මන්ත්රීවරුන් 25දෙනා ලබන මස 15 වැනිදාට පෙර සම්බන්ධ කරගන්නා ලෙසට ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාට පසුගිය සතියේදී නැවතත් දැනුම්දී තිබෙනවා.ෙඑසේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයාට දන්වා ඇති බවයි වාර්ථා වන්නේ.
මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා කැමැත්ත පළ කර ඇති කිහිපදෙනෙකු සමග පසුගිය සතියේද සාකච්ඡා ආරම්භ කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කලාෙශ්රී ලංකා පොදු ජනපෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙසට බිම් මට්ටමෙන් එම පක්ෂ නායකත්වයට දිගින් දිගටම දැඩි බලපෑම් සහ ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙනවා.
මේ අතර ආණ්ඩුවට සම්බන්ධ වීමට මුල සිට කැමැත්ත පළකර සිටි විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් එසේ සම්බන්ධවීම තවදුරටත් ප්රමාද කරමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කලේ.