ටොරොන්ටෝ කොන්ඩෝ හි පදිංචිකරුවන් වායුසමීකරණයකින් තොරව සති කිහිපයක් තිස්සේ උෂ්ණත්වයෙන් පීඩාවට.

ටොරොන්ටෝ කොන්ඩෝ හි පදිංචිකරුවන්  වායුසමීකරණයකින් තොරව සිව්වන සතිය ගෙවාදමන්නේ“ඉවසිය නොහැකි”  ගෘහස්ථ උෂ්ණත්වය හිරවීම වී ඇති පසුබිමකයි.ඇතැම් මහල් නිවැසියන් පෙන්වා දෙන්නේ පසුගිය ජුනි 6 වන දින වායු සමීකරණය ක්‍රියා කිරීම නැවැත්වූ අතර – ඔවුන්ගේ ඒකකයේ පමණක් නොව, මහල් 42 කින් යුත් මහල් ගොඩනැගිල්ලේ පිහිටි ඒකක 500 කට වඩා වැඩි ගණනකට එම තත්වය උදාවී ඇති බවයි.අපි මේ නිවාස සංකීර්ණයේ ජීවත් වෙන්නේ කොහොමද කියලා මමවත් දන්නේ නැහැ,” ඇතැමුන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

වායු සමීකරණය අලුත්වැඩියා කටයුතු නියමිත වේලාවට අවසන් වේයැයි ප්‍රදේශවාසීන් උපකල්පනය කළද, බිඳවැටීමෙන් දැන් මාසයකට ආසන්න කාලයක් ගතවී ඇති අතර එහි කිසිදු ප්‍රගතියක් ලබා නොමැත.කොන්ඩෝ හි අධ්‍යක්ෂ මණ්ඩලය ටොරොන්ටෝ මාධ්‍ය වෙත වෙත අලුත්වැඩියාව අවසන් කරන්නේ කවදාද යන්න පිළිබඳ පැහැදිලි කාලරාමුවක් ලබාදී නැහැ.

සම්පූර්ණ අලුත්වැඩියාවක් නොමැති නිසා අතුරු විසඳුමක් සඳහා අවශ්‍ය කොටස් තවමත් පැමිණ නොමැති බව මණ්ඩලය පවසනවා. ගොඩනැගිලි කළමනාකරු පැවසුවේ නිවාස සංකීර්ණයේ දේපල වටිනාකම ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත තොරතුරු සැපයිය නොහැකි බවයි.

ටොරොන්ටෝ හි ප්‍රමුඛතම Loblaws ස්ථානයට ඉහළින් පිහිටා ඇති මෙම දේපල 2020 වසර 20ක් පැරණි වේ.ගොඩනැගිල්ලේ සංවර්ධකයා වන කොන්කෝඩ් පැවසුවේ වායු සමීකරණ පද්ධතියේ අවසන් විගණනය 2023 මැයි මාසයේදී සිදු වූ අතර එහිදී කිසිදු අඩුපාඩුවක් හමු නොවූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *