ටොරොන්ටෝ කොන්සල් ජනරාල් කාර්යාලයෙන් අහන්න.

ටොරොන්ටෝ ආශ්‍රිත ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පිරිසට ශ්‍රී ලංකා රජය සපයන සේවා ලබාගැනීමට ඇති එකම තැන වන්නේ ටොරොන්ටෝ කොන්සල් ජනරාල් කාර්යාලයයි. තිබෙන සීමිත පහසුකම් මධ්‍යයේ නිරතුරුව ජනතාවට සේවා සපයන එම මධ්‍යස්ථානය ගැන විස්තර ඉදිරිපත් කරන්නට අප අදහස් කලා.

ඔබ මෑතකදී එතැනට ගොඩ වැදුනා නම් එහි සේවාවන් හි ප්‍රගතියක් දකින්නට ඇති. ඔබට පහසු වෙලාවක කඩිමුඩියේ එතැනට නොගොස් පූර්ව සූදානමකින් යුතුව සියළු ලියකියවිලි නිසි ලෙස රැගෙන ගියොත් අඩු කාලසීමාවක් ඇතුලත ඔබට ඔබේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. එහි සිටින සීමිත සේවක පිරිස දැඩි කැපවීමකින් යුතුව ඒ කාර්යයන් හි යෙදෙනවා. ඔවුන්ගේ සේවා ලබාගැනීම සදහා යම් යම් කාලසීමාවන් වෙන්කර තිබෙනු දකින්නටත් පුළුවන්. ඒ හින්ද https://www.torontoslcg.org/ යොමුවෙන් ඔවුන්ගේ වෙබ් අඩවියට ගිහින් ඔබට අවශ්‍ය කාර්යය සදහා අවශ්‍ය පෝරම පුරවා ගෙන යන්නත් ඒ ඒ කාර්යය සදහා රැගෙන ආ යුතු අවශ්‍ය ලියැකියවිලි දැනගන්නත් පුළුවන්.

ටොරොන්ටෝ කොන්සල් ජනරාල් කාර්යාලය සපයන සේවා,

  • ශ්‍රී ලාංකික පුරවැසියන්ට කැනඩාවේදී සිදුවූ උපත් සහ මරණ ලියාපදිංචි කිරීම
  • ශ්‍රී ලාංකික පුරවැසියන්ට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම, අළුත් කිරීම් සහ වෙනස්කිරීම් සේවා
  • ද්විත්ව පුරවැසි භාවය සදහා අයදුම් කිරීම්
  • කල් ඉකුත් වූ , අස්ථාන ගත වූ රියැදුරු බලපත්‍ර අළුත් කිරීම් සේවා
  • විශ්‍රාමිකයින්ගේ වාර්ෂික ජීවිත සහතික සහතික කිරීම
  • ඇටෝනි බලපත්‍ර / දිවුරුම් ප්‍රකාශ / සේවක අර්ථසාධක අරමුදල් සේවා
  • ඉදිරි ජංගම සේවා දින සහ ඒවා පැවැත්වෙන ස්ථාන

අද අප ඉදිරිපත් කරන්නේ එතැනින් ඔබට ලබාගත හැකි සේවාවන් ගේ විස්තරයක් පමණයි. ඉදිරි කලාප වලදී ඒවා ගැන එකින් එක විස්තර කරන විස්තරාත්මක ලිපි පෙලක් සිංහල සහ දමිළ භාෂා දෙකින්ම පලකරන්නට අපේ සූදානමක් තිබෙනවා.

ඒ නිසා ඔබට වෙබ් අඩවියෙන් පැහැදිලි කර ගැනීමට අපහසු තොරතුරු හෝ හදිසි නොවන ගැටළුත් අප වෙත යොමු කරන්නට පුළුවන්.

https://www.torontoslcg.org

මේ ලිපි පෙලේ පලකරන තොරතුරු ටොරොන්ටෝ කොන්සල් ජනරාල් තුෂාර රොඩ්රිගෝ මහතාගේ අනුමැතිය සහිතව පලවන ඒවා බව සදහන් කරන්නට කැමැතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *