තරුණ ස්කොට්ලන්ත කණ්ඩායම හමුවේ කැනේඩියානු රග්බි කණ්ඩායමට පරාඡයක්

කැනඩාවට එරෙහිව  පසුගිය සෙනසුරාදා ඔටාවා හි පැවති රග්බි  තරගයෙන් ලකුණු 73-12 ක ජයක් අත්කර ගැනීමට ස්කොට්ලන්තය සමත්වුණා.

ශ්‍රේණිගත කිරීම්ලෙ 21 වැනි ස්ථානයේ පසුවූ කැනේඩියානු කණ්ඩායම ලකුණු 25-1ක් ලෙස  ශ්‍රේණිගත කිරීම්වල හයවැනි ස්ථානයේ පසුවූ ස්කොට්ලන්ත කණ්ඩායම විසින් පරාජය පත්කලා.

කැනඩාව වෙනුවෙන් නායක ලූකස් රම්බල් සහ කයිල් බේලී උත්සාහක දිනුම් වාර්තා කළා. පීටර් නෙල්සන් ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට සමත්වුණා.

නොවැම්බර් 18 වැනිදා බ්‍රසීලයට එරෙහිව ලකුණු 40-15 ක ජයක් ලැබීමෙන් පසු කැනේඩියානුවන් සඳහා වූ පළමු තරගය මෙය වූ අතර එය කිංස්ලි ජෝන්ස්ගේ කණ්ඩායමට තරග හතරක පරාජයක් අත්කර දුන්නේය. කැනේඩියානු  කණ්ඩායම ඔවුන්ගේ පෙර  තරග 10න් තුනක් පමණක් ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් 2021 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපදය ලකුණු 34-21ක් ලෙස පරාජය කළ දා සිට පළමු 20 අතර ශ්‍රේණිගත කර ඇති කණ්ඩායමක් පරාජය කර නොමැත.

මේ අතර ස්කොට්ලන්තය මේ වසර මුලදී සික්ස් නේෂන්ස් හි (Six Nations) සිව්වැනි ස්ථානයට පත්වූයේ 2-3-0 ලෙසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *