නැපෝලියන් බොනපාට්ගේ පිස්තෝල 2ක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි.

ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් සතු වූ පිස්තෝල දෙකක් යුරෝ මිලියන 1.69කට වෙන්දේසි වී තිබේ.වරක් ඔහු මෙම පිස්තෝල යොදාගෙන සියදිවි නසා ගැනීමට තැත් කළ බව සඳහන් වෙයි.

මෙම ගිනි අවි පැරිස් නගරයේ ජීවත් වූ ලුයිස්-මාරින් ගොසේ විසින් නිමවා තිබූ අතර ඒ සඳහා යුරෝ මිලියන 1.2ත් 1.5ත් අතර ලංසුවක් හිමිවෙතැයි අපේක්ෂා කෙරිණි.මෙම පිස්තෝල වෙන්දේසි කර ඇත්තේ ප්‍රංශ සංස්කෘතික අමාත්‍යංශය විසින් ඒවා ජාතික වස්තූන් ලෙස නම්කර ඒවා අපනයනය තහනම් කිරීමේ පසුබිමකදීය.
 
ඒ අනුව නව හිමිකරුගෙන් එම පිස්තෝල මිලදී ගැනීම සඳහා ප්‍රංශ රජයට මාස 30ක කාලයක් හිමිවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *