ඡන්දෙට එරෙහිව ආණ්ඩුවෙන් දුස්රා..
රටේ ජනගහනය දෙකෝටි විසි ලක්ෂයකි.ඉන් එක් කෝටි 70 ලක්ෂයක් ඡන්දදායකයන්වේ. රටේ ඉරණම තීරණය කරන ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා ඇත්තේ තවත් මාස දෙක තුනකි. සැප්තැම්බර් 16ත් ඔක්තෝබර් 14ත් අතර දිනකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. ආණ්ඩුව විසින් ගෙන එන දුශ්රාවන් හරහා ජනාධිපතිවරණය පැවැත්වීම අවිනිශ්චිත වී ඇත. ඡනාධිපතිවරණය පැවැත්වීම ව්‍යාකූල කිරීමේ පළමු මුට්ටිය දැමීම සිදු කළේ එ.ජා.ප. මහලේකම් රංගය බණ්ඩාරය. ඔහු කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට තවත් වසරක් සඳහා අවස්ථාව ලබාදීමට ජනමත විචාරණයක් පැවැත්වීම යෝග්‍ය බවකි.මුට්ටියට කුඩුවෙන්නට පහර වැඳුනු තැන ආණ්ඩුව කළේ ව්‍යවස්ථාවේ පවතින සිදුරු උපයෝගී කරගනිමින් ජනාධිපතිවරණය පැවැත්වීම ව්‍යාකූල කිරීමට පියවර ගැනීමය.ඒ සඳහා තෙවන පාර්ශවයක් උපයෝගී කර ගනිමින් ජනාධිපතිවරයාගේ දුරකාලය වසර පහක් ද හයක් ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා තිබිණි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අණුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර හයකි. එහෙත් දහ නව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව එය වසර පහකට සීමා කෙරිණි. මෙම සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයේ ඇති අපැහැදිලිතාවේ මත පදනම් වී ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීම එම පෙත්සමේ අපේක්ෂාව වී තිබිණි. කෙසේ වෙතත් පසුගියදා එම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් බව තහවුරු කරමිනි.
එවැනි පසුබිමක ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව සැකයක් පවතින බවත් එය දුරළීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බවටත් පසුගියා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය විය.එය ජනාධිපතිවරණයේ පැවැත්වීම ව්‍යාකූල කිරීමේ යටි අරමුණක් ක්‍රියාත්මක කිරීමත් බව විපක්ෂයේ චෝදනා කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාන දෙකක ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් පවතින වගන්ති සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා ගේ ධූර කාලය වසර පහක් බවට නිවැරදි විය යුතු බවට වන සංශෝධනයක් ගෙන ඒමට මේ අනුව කැබිනට් අනුමැතිය හිමිව තිබිණි. යෝජනාව කැබිනට් මණ්ඩලයට ගෙන විත් තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය තුළ ජනාධිපතිවරණය නියමිත කාලයේ පැවැත්වීමට නීතිමය බාධාව මතුවිය හැකි බවත්, මේ හරහා ජනමත විචාරණයකට අවස්ථාව උදා කරගත හැකි බවටත්, විපක්ෂය චෝදනා කරයි. ඒ අනුව එය ජනතාවගේ සර්වජන චන්ද අයිතිය උල්ලංඝනය කිරීමේ වෑයමක් බවයි ඔවුන් ප්‍රකාශ කළේ. එවැනි තත්ත්වයක් තුළ යෝජිත ජනාධිපතිවරණය සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර පැවැත්විය යුතු බවට වන පාර්ලිමේන්තුවට කල් තැබීමේ යෝජනාවක් ඒකාබද්ධව ගෙන ඒමට සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය කටයුතු කර තිබිණි. යෝජනාවට අත්සන් තබා තිබුණේ ලක්ෂ්මන් කිරිඇල්ල හා අනුර දිසානායකයි. ඊට අදාළ විවාදය පසුගිය එකොළොස්වැනි දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මේ අතර රජය මුද්‍රණාලය උපයෝගී කර ගනිමින් ජනාධිපතිවරණය පැවැත්වීම ව්‍යාකූල කිරීමේ කූඨ උපායක් පවතින බවටත් විපක්ෂයෙන් තවත් චෝදනාවක් එල්ල විය. එමගින් කියවුනේ මුද්‍රණාලයේ සේවකයන්ගේ දිරිදීමනා ලබාදීම සංශෝධනය කරමින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවක් මගින් සේවකයන් අතර නොසන්සුන්තාවක් ඇති කර මුද්‍රණාලයේ කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත්කිරීමට උත්සාහයක් ඇති බවට අනාවරණය කළේ උදය ගම්මන්පිළ මන්ත්‍රීවරයායි. ඔහු කියා සිටියේ මෙම කැබිනට් තීරණය හරහා රජයේ මුද්‍රණාලය වෙනත් ස්ථානයකට ගෙනයාමේ උත්සාහයක්ද පවතින බවයි.
පොහොට්ටුව දෙලොවක් අතර..
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද තවමත් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ. වත්මන් ජනාධිපතිවරයාට සහාය දෙන්නේ ද නැත්නම් ධම්මික පෙරේරා මහතාට සහය දෙන්නේද යන්න පිළිබඳව ඔවුන් දෙගිඩියාවකට පත්ව ඇත. කෙසේ වෙත මේ වන විට ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරුන් රැසක් වත්මන් ජනාධිපතිවරයාට සහාය ලබාදීමට ඉදිරිපත් වීමත් සමඟ පොහොට්ටුව තුළ දෙදරීමක් හට ගෙන ඇත. පිරිසක් නාමල් රාජපක්ෂය පෙරටු කොට ගෙන පක්ෂයේ ප්‍රවර්ධනය කිරීම සඳහා රට වටේ යමින් ඇත. ‘මේ තත්ත්වය තුළ පොහොට්ටුවේ පැවැත්ම, තෝරාගන්නා ජනාධිපති අපේක්ෂකයා මත ඉදිරියේදී තීරණය වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. තමන්ගෙන් පිට පොහොට්ටුවේ නායකත්වය පිටට යාමට රාජපක්ෂවරුන්ගේ කැමැත්තක් නැත.ඒ අනුව මේ මොහොතේ කාලයේ යන්නට ඉඩ හැර ඊළඟ ජනාධිපතිවරණයකදී නාමල් රාජපක්ෂට අවස්ථාව ලබා ගැනීම ඔවුන්ගේ උපාය වී ඇත.
පසුගියදා පොහොට්ටුවේ ප්‍රබල චරිතයක් වූ රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට වසර 27ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් උත්සවයක් කළුතර දී පැවැත්වුණේ හිටපූ ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පොදු ජන පෙරමුණේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයිනි. ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද ආරාධනාවක් කර තිබූ අතර ජනාධිපතිවරයා ඊට සහභාගි වූයේ වජිර අබේවර්ධන ගාල්ලේ සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගි වී ආපසු එන අතරතුරදීය. එම රැස්වීමේදී බැසිල් කීවේ වත්මන් ජනාධිපතිවරයාට ණයත් නෑ බයත් නෑ කියාය. මහින්ද රැස්වීම අමතමින් කීවේ හොඳ නාවිකයන් බිහිවන්නේ කුණාටු සහිත මුහුදේ කියාය. රැස්වීම ඇමතූ ජනාධිපතිවරයා රත්තරන්ට සුබ පතන ගමන් කියා සිටියේ අරගලයේ අවස්ථාවේ රට භාරගත හැටිය. එහිදී පොහොට්ටුව තමන්ට සහාය පළ කිරීමට ද කැමැත්ත පළකර සිටි බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබිණි.
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය රට වටේ යයි..
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල රට වටේ යමින් තමන් සිදු කරන ප්‍රජා සත්කාරක සේවාවන් වේගවත් කර ඇත. පසුගිය සති අන්තයේ උතුරු නැගෙනහිර සංචාරය කළ විපක්ෂ නායකවරයා එහි පාසල් රැසකට සුහුරු පන්ති කාමර ලබා දීමට කටයුතු කර තිබිණි. මඩකලපුව සහ මන්නාරම ප්‍රදේශවල සංචාරය කළ විපක්ෂ නායකවරයාට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමිව තිබිණි. එහිදී ප්‍රදේශයේ ජනතාව මුණ දෙන ගැටළු පිළිබඳව අවධානයට ලක් කළ විපක්ෂ නායකවරයා තම රජයක් යටතේ ඊට විසඳුම් ලබාදෙන බව ප්‍රකාශ කර තිබිණි. මේ අතර පොහොට්ටුවෙන් ඉවත් වී ස්වාධීන වූ නිදහස ජනතා සභාව නියෝජනය කළ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්රමුඛ මන්ත්‍රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග අත්වැල් බඳගැනීමට පසුගියදා කටයුතු කෙරිණි.මීට පෙර නිදහස ජනතා සභාවේ සාමාජිකයන් වූ මහාචාර්ය ජී.එල්.පීරිස්, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට එක්ව තිබිණි. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන බවට විවාදයේදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව පසුගිය පළාත් පාලන මැතිවරණය අතුරුදන් කිරීමට ගත් උත්සාහය එකින් එක පැහැදිලි කරමින් කතා කළේ කාගේත් ඒ පිළිබඳව අවධානය දිනා ගනිමිනි. ඒ අනුව ව්‍යවස්ථා කුමන්ත්‍රණ හරහා ජනතාවගේ ඡන්ද අයිතිය හකුලා දමන්නට ඉඩ නොදෙන බවත් ඔහු කියා තිබිණි.
ජාතික ජනබලවේගය ද මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දේශපාලන දේශපාලනය මුවහත් කරමින් සිටින්නේ වෙනදාටත් වඩා වේගයකිනි. ගොවි සමුළු, තරුණ සමුළු හා විවිධ වෘත්තීන් වලට අදාළ සමුළු පවත්වමින්මින් ආණ්ඩුව බරපතළ ලෙස විවේචනය කරමින් සිටිති. ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් කියා සිටියේ මෙවැනි මාලිගා කුමන්ත්‍රණ පරාජය කළ යුතු බවකි. කිරිඇල්ලත් අනුරත් එක්ව ගෙන ආ කල් තැබීමේ යෝජනාවේදී ඔහු කියා සිටියේ රනිල් යනු ගේම්කාරයෙකු නොවන බවයි. ඹහු ගේම්කාරයෙක් නම්, පසුගිය මැතිවරණයේදී එකදු ආසනයක් හෝ දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකිවුනේ මන්දැයි අනුර මෙහිදී ප්‍රශ්න කෙරිණි. රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් සිදු කළේ රට පාලනය කරනවාට වඩා පක්ෂය පාලනය කිරීමක් බවයි අනුර පෙන්වා දුන්නේ. රනිල්ට වඩා මහින්ද ගේම්කාරයෙක් බව කී අනුර කියා සිටියේ ඊට උදාහරණද ගෙන දෙමිනි. පක්ෂ කඩන්නටත්, මැතිවරණ දිනන්නටත් ඔහුට හැකියාව තිබූ බව අනුර කියා සිටියි. අවසානයේ සිදුවන්නේ රනිල්ට පරාජය වීමට සිදුවීමත් අවසානයේ සාමකාමීව බලය හුවමාරු කර ගෙදර යෑමටත් බව අනුර කියා තිබිණි. අනුරගේ පක්ෂයේ සමන්ත විද්‍යාරත්නත් පසුගියදා රැස්වීමකදී අපූරු ප්‍රකාශයක් කර තිබිණි ඒ ශ්‍රී ලාංකික ජනතාව මෙතෙක් බෙහෙත් ගත් දොස්තර හොඳ නැති බවකි. මාරුවෙන් මාරුවට කොළ හා නිල් දොස්තරලාගෙන් බෙහෙත් ගත්තද, තවමත් රටේ ලෙඩේ සුව වී නැති බව ඔහු කියා තිබිණි. ඒ නිසා මීළඟ මැතිවරණයකදී දොස්තර මාරු කර හොඳ බෙහෙත් ලබා ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබිණි.
නිදහසක් නැති නිදහස් පක්ෂය..
නිදහස් පක්ෂයේ සැබෑ නායකයන් කවුරුන්ද යන්න තෝරාගැනීමට නොහැකි තරමටම නායකයන් පිරිසක් දැන් එම පක්ෂය සතුය. අවසන් වරට එම ගොඩට එක් වුණේ මෛත්‍රීගේ තහනමට ලක්වූ දයාසිරි ජයසේකරය. ඔහුව පක්ෂ මහලේකමින් ඉවත් කරමින් ලබා දී තිබූ තහනම ඉවත් කිරීමට අධිකරණය පසුගියදා කටයුතු කෙරිණි. ඩාලි පාරේ සිට වැඩ භාරගත්ත දයාසිරි කීවේ නිදහස් පක්ෂය යළි එකතු කිරීමට කටයුතු කරන බවකි. මෙය නොරිස්සු නිමල් සිරිපාල පාර්ශවය දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබිණි. කෙසේ වෙතත් නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට විජය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට මෛත්‍රී පාර්ශවයෙන් සූදානම් වන අතර අමරවීර, ලසන්ත, දුමින්ද ඇතුළු පිරිස වත්මන් ජනාධිපතිට සහසහාය පළ කිරීමට තීරණය කර ඇත.
වැඩි වැටුප් ඉල්ලා රාජ්‍ය සේවකයන් ලෙඩ වෙයි..
රජයේ විධායක නිලධාරීන්ට ලබා දුන් රුපියල් 25000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස සහ තම මූලික වැටුප ඉහළ දමන ලෙස ඉල්ලා වෘත්තීය සමිති දෙසීයකට වැඩි පිරිසක් පසුගිය අට හා නව යන දිනවලදී අසනීප නිප නිවාඩු වාර්ථා කරමින් වර්ඡනයක නිරතවිය. සංවර්ධන නිලධාරින්, කළමනාකරණ සේවා නිලධාරින්, ග්‍රාම නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, කාර්යාල කාර්ය සහයක, රියදුරු ඇතුළු සේවාවන් රැසක් ඊට එක්ව තිබිණි. වර්ජනය හේතුවෙන් අමාත්‍යංශය, දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක කටයුතු එම දින දෙක තුළ අඩපණ විය.මේ අතර ගුරුවරුන්ද තම වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා නවවෙනිදා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සහාය පළකරමින් අසනීප නිවාඩු වාර්තා කර තිබිණි. ඒ හේතුවෙන් එදින දවස පුරා පාසැල් කටයුතුද අඩපණ විය. මේ වසරේ රජය සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි බවත් ඉදිරි අයවැයේදී එය සලකා බැලිය හැකි බවත් වර්ජනයට පෙර ආණ්ඩුව ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් රාජ්‍ය සේවක වැටුප් විෂමතාව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පසුගියදා ආණ්ඩුව කටයුතු කෙරිණි. වර්ජනයේ දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කියා සිටියේ මේ මොහොතේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා දැනට සියයට දහඅටක්ව පවතින වැට් බද්ද සියයට විස්සක් හෝ විසි එකක් දක්වා වැඩි කළ යුතු බවකි . මේ අතර වර්ජනයට සහභාගී නොවී අට සහ නව යන දිනවල රාජකාරියට වාර්තා කළ නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් හා ප්රශංසාත්මක ලිපියක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබිණි. කෙසේ වෙතත් මෙවැනි ක්‍රියාමාර්ග මඟින් රාජ්‍ය සේවය බෙදීමක් ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවටයි එහිදී වෘත්තීය සමිති චෝදනා කළේ.