දේවි බාලිකා විද්‍යාලීය සිසුවියන්ගෙ කැනඩා ආදි සිසු එකමුතුව ආරම්භ වන්නේ 2013 වසරේ ටොරොන්ටෝ සහ අවට වෙසෙන ආදි සිසුවියන් විසි දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන්. මෙයට අඩි තාලම දැමුවේ කැනඩාවේ වෙසෙන ආදි සිසුවියන් පස් දෙනෙකුගේ සංවාදයක් .
එහි පලමු සුහද හමුව 2013 ජූලි 6 වන දිනදී සාර්ථකව පැවැත්වුනා. එතැන් පටන් වාර්ෂිකව විවිධ උත්සව සහ ආගමික කටයුතු සංවිධානය කරනු ලැබුවා. සංගමයේ මූලික අරමුණ කැනඩාවේ වෙසෙන ආදි සිසුවියන්ගේ සහයෝගීතාවය හා සහසම්බන්ධය වර්ධනය කිරීමත් එලෙසම නන් අයුරින් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිය ප්‍රජාව සමග සම්බන්ධව ආගමික කටයුතු වල නිරත වීමත්, දේවි බාලිකා විද්‍යාලයට සහ එහි දැනට ඉගෙනුම ලබන සිසුවියන්ට අතහිත දීමත් .
සෑම අවුරුද්දකම දේවි බාලිකාවේ ආරම්භක දිනය වෙනුවෙන් පැවැත්වෙන ආගමික කටයුතු සහ ඒ හා සම්බන්ධව කෙරෙන පරිත්‍යාග කැපී පෙනෙන අංගයක්. මේ ඇසුරැකරගෙන විද්‍යාලයේ බුදු මැදුර තැනීමට අධාර සැපයීම, නේවාසික සිසුවියන්ට විශේෂ ආහාර වේලක් සැපයීම සහ කැනඩාවේ ආගමික ස්ථාන සංවර්ධනය වෙනුවෙන් කරන ලද පරිත්‍යාග සිදු කෙරුණා මීට අමතරව සාමාජිකයින්ගේ සහ පවුලේ අය සම්බන්ධ වූ සුහද හමුවන් කීපයක්ම 2013 වසරේ සිට මේ දක්වා පවත්වා තිබෙනවා.
දේවි රාත්‍රිය, දේවි ගී පැදුර වැනි උත්සව සාර්ථකව පැවැත් වුණු අතර ඇමෙරිකාවේ වෙසෙන අපේ සොයුරියන්ද මේවාට සහභාගී වුණා. මෙයින් බොහෝමයක් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තය මූලික කරගෙන පැවැත්වුනත් අනෙකුත් ප්‍රාන්තවල සිටින සොයුරියන්ද අපට නන් අයුරින් දායකත්වය ලබා දී තිබෙනවා.
දුර රටක තනිවුනත් දේවි මවු තුරැලේ ගොඩ නැගුනු සොයුරැ පෙම වර්ධනය කර සංගමයේ කටයුතු වර්ධන කිරීම අපේ අරමුණයි. දැනට සාමාජිකයන් සියය ඉක්මවා ඇති අතර එය වර්ධනය වෙමින් පැවතීම ඉතාම සතුටට කරුණක්.
මෙතෙක් අප සමග එක්වී නැත්නම් පහත තොරතුරැ හරහා අප හා සම්බන්ධ වී දේවි මවුගේ මතකයන් අවදි කරන්නට සංවිධායක වරියන් ඔබට සුහද සිතින් ආරාධනා කරනවා.
තොරතුරු සහ සාමාජිකත්වය සදහා පහත දැක්වෙන විද්‍යුත් තැපෑල සහ දුරකථන අංක පාවිච්චි කරන්න පුළුවන්
නාලිකා 647-616-0959
ගෞෂලා 437-878-8315
මෙම සටහන සකසා දී සහයෝගය දැක්වු නාලිකා අබේසිංහ සොහොයුරියට මාගේ ස්තූතිය පුද කරමි.