අමාවක සඳ කිරණ …නොදුටු තනි තරුව මම

මල හිරුත් බැස ගිහින්
කලුවරයි විජිතයම
සියොත් කැල ගී ගයා
මද නලක සිසිල විඳ
කුමුදු මල් පූදිමින්
තරහවුණු සඳ එළිය -අදුර හරහට අරන්
මැඩිති ගී නාද දී
සවන් හිත රිද්දද්දී
රැහැයි හඬ කෑ ගැසුවා
වසාගත් කන් අස්සේ
සොඳුරු රෑ අඳුරු වී
කාන්සිය ඉපදෙද්දී
තරහවුන සඳ එළිය – මා සෙව්වා විල් දියේ
සුනිල්වන් දිය දහර
නුඹ නැතුව පාළුවෙන්
තවම මඟ නැවතිලා
දැල සිප මේ රැයේ
තරහ ගත් සඳ එළිය
අහස් කුස කළුවරේ
තනි තරුව වෙන්නම් – නුඹ නොමැති ආකහේ
ඉරෝෂිමා වීරසූරිය
https://www.facebook.com/iroshima.weerasooriya
බොන්නෑ තැඹිලි ….

ගෙඩියේ නැට්ට කරකවලා කඩපු නිසා
තැරියේ වටට ඉරි ඇඳිලා තියෙන නිසා
රසයේ තරම ගෙඩියෙන් මට පෙනෙන නිසා
බොන්නෑ තැඹිලි කැස්සට ඒය අගුණ නිසා
තනිකඩ රෝමියෝ
https://www.facebook.com/groups/2699436846980418/user/100051877395019

පසිදු විජේනායක
https://www.facebook.com/profile.php?id=100070528716658
ප්‍රේමයේ සිහිවටන

ආදරෙන් අත් බැදන් වීදිවල තනිවෙලා
කෝච්ච්යෙ බස් රතේ අසුනකට හිරවෙලා
පාර්ක් වල වෙරළෙ කොන තුරුළු වුනු සැගවිලා
හෝල් වල බැල්කනියෙ රස වින්දෙ කිමිදිලා
කී එදා පෙම් කතා නොමැත තව වියකිලා
වාදයක් මොටද අද දරු මල්ලො ලොකුවෙලා
රූපයත් ටිකෙන් ටික යනව වගෙ වැහැරිලා
කාලයත් එක්ක අපෙ බැම්ම තව සවි වෙලා
ආදරෙන් ලං වෙච්ච පරන දින විමසලා
කාටවත් නොකී තැන් ගොඩක් ඇත සගවලා
සීනයක් දෝ සිතෙයි යාවි සෙනෙහස ගලා
ප්‍රේමයේ සිහිවටන මහ ගොඩක් ලියවිලා
කාවො කෑවත් තවම පෙම් හසුන් සුරැකිලා
සීරුවෙන් එකින් එක මතක පිටු පෙරලලා
ආයෙමත් දිග හැරන් බලන විට එක්වෙලා
ආදරේ යයි අපේ පිරී ඉතිරී ගලා
මහින්ද රුද්‍රිගු
https://www.facebook.com/mahinda.rodrigo1

සිසිර කුමාර කොග්ගලහේව