Dessert View වල ඉදන් Hermits Rest දක්වා Grand Canyon දිගේ ගමනක් යමු, නයගරා ඇල්ල මගහැර නැව් යන හැටි බලා වරෙන්

ඇමෙරිකානු සංචාරයක මතකය …… Grand Canyon  වටේ රවුමක් 

අප පොදුවේ කියන Grand Canyon යුනෙස්කෝ ලෝක උරුමය වසර මිලියන 70 ක තරම් දිගු ඉතිහාසයකට හිමිකම් කියනවා. අක්කර මිලියන 1.2 ක් තරම් විශාල Grand canyon National Park ඇමෙරිකාවේ කුඩා ප්‍රාන්තයක් වන Delaware වලට වඩා මදක් කුඩා ඉඩ ප්‍රමණයක් වසාගෙන සිටින රක්ෂිතයක් . එය ජාතික උද්‍යානයක් බවට පත් කෙරුනේ 1919 දී.

අපි South rim වලට ඇතුළු වුණා . බලන්න දේවල් ගොඩක් තියෙනවා . කලින්ම වෙන් කරවා ගත්තොත් ඔබට මේ උද්‍යානය තුලම නවාතැනක් හොයාගන්න පුළුවන් වේවි . එහෙම නැත්නම් පහසුකම් තියෙන්නෙ පැයකට වඩා දුරින් තියෙන Williams හරි Flagstaff හරි නගර වලයි. ටිකක් වැඩියෙන් වියදම් කරන්න පුළුවන් නම් Williams ඉදන් south rim එකට යන Grand Canyon කෝච්චිය හොද සංචාරයක් ගෙනෙන බවයි අන්තර්ජාලය කියන්නේ . ඒ අතීතයට ගිහින් කව්බෝයි චිත්‍රපට වල තියෙන නගර අත්දැකීමක් සහ Train robbery එකකුත් විදින්න පුළුවන් හින්ද . 1901 දී ඉදිවූ දුම්රිය මාර්ගයත් එහි අදත් දිනපතා දුවන මගී දුම්රියත් එදා වගේම අදත් Grand Canyon සංචාරක ව්‍යාපාරයේ ජනප්‍රිය එකක් . වසරකට එහි සේවය ලබාගන්නා පිරිස 225000 කට වැඩියි.

අපි නැගෙනහිර අන්තයේ Dessert View Point එකෙන් Grand Canyon විදින්න පටන් ගත්තා.

Desert View Watch Tower

Desert View & Watchtower | Visitor Center

තට්ටු 4 ක් උස මේ නරබුම් කුළුණ ඉදිකර තිබෙන්නේ 1932 දී Grand Canyon කලාපයේ බොහෝ ඉදිකිරීම් කල Fred Harvey ආයතනයේ Mary Colter මෙහි සැලසුම් ශිල්පිනියයි .ලස්සන දසුන් බලන්නට සංචාරකයින් උනන්දු කරවීමේ අරමුණින් බිහිවූ මෙය බැල්කනි ගණනාවකින් සමන්විත අපූරු තැනක් . මෙක්සිකෝවේ ගුහා චිත්‍ර සිහිගන්වන චිත්‍ර රැසක් මෙහි තිබෙනවා . ආදිවාසී චිත්‍ර සහ මුර්ති ශිල්පී Fred Kabotie. ඒ චිත්‍ර වලට හිමිකම් කියනවා . රස්නය මග හරවා ගන්න එතැන තිබ්බ කඩෙන් අයිස්ක්‍රීම් කාලා සමරු එකතුවට මැටි කැටයමකුත් ගත්ත අපි එතැනින් පිටත් වුණා . මේ ගමන් වලදී පිටේ එල්ලන් යන බැග් වල වතුර ගෙනියන එක වටිනවා .

6 Iconic Grand Canyon Buildings Designed by Mary Colter - Canyon Tours

Mary Cotler

08307 Grand Canyon Historic- Hopi Artist Fred Kabotie c.19… | Flickr

Fred Cabotie

Tusayan Museum & ruin

Visitor Centers, Information Desks and Museums - Grand Canyon ...

අවුරුදු 800 ක් තරම් පැරණි Pueblo Indian වරුන්ගේ ජනාවාස ලෙස තිබු මේ ඉසව්ව මේ වනවිට පුරාවිද්‍යා පරිශ්‍රයක් ලෙස සංරක්ෂණය වෙනවා . 1928 දී ගෘහ නිර්මාණ ශිල්පී Herbert Maier විසින් නිමැවුණු වටිනා කෞතුකාගාරය ඉතිහාසය නිරූපණය කරන කදිම තැනක් . මෙය ඉදිකිරීම සදහා ආධාර කර ඇත්තේ ඇමෙරිකාවේ හිටපු ප්‍රකට දානපති බිරිදක් වූ Laura Rockefellar විසින්.

Herbert Maier | The Cultural Landscape Foundation

Herbert Maier

අපි Navajo Point, Lipan point, Moran Point, Grandview Point වල වාහනය නවත්වමින් Grand Canyon වල සිරිය වින්දා . Grand canyon Village වල ඉදන් ක්‍රියාත්මක වන බස් සේවයේ අවසන් නැවතුම තියෙන්නේ Yaki point එකේ . ඒ බස් වල යන්න වෙනම ගාස්තුවක් ගෙවන්න අවශ්‍ය නැහැ . ඔබේ ප්‍රවේශ පත් ගාස්තුවෙන් එය ආවරණය වෙනවා . ඔබට කාලය තියෙනවා නම් ඇවිදින්න , බයිසිකල් පදින්න අවශ්‍ය සියළු පහසුකම් මේ පරිශ්‍රයේ තියෙනවා Grand canyon Village කියන්නෙ තවත් නගරයක් වගේ .

Kaibab Rim Route Shuttle Bus - Grand Canyon National Park (U.S. ...

Yavapai Museum of Geology

Yavapai Museum of Geology - Grand Canyon National Park (U.S. ...

Grand canyon භූ විද්‍යාත්මක පසුබිම සහ විස්තර වැඩිපුර දැනගන්නට මෙය කදිම තැනක් . 1928 Herbert Maier මෙය නිර්මාණය කර තිබෙනවා . 2007 දී මෙය ප්‍රතිනිර්මාණය කර තිබෙන්නේ නවීන අංග එකතු කරමින් .ආදිවාසීන් තම ඉදිකිරීම් සදහා යොදාගත් Kaibab Limestone සහ Ponderosa Pine මෙය තනන්නට යොදාගෙන තිබෙනවා .

Yavapai Museum of Geology - Grand Canyon National Park (U.S. ...

අපට දැන් හොදටම මහන්සියි . ආයෙමත් හෙට එන්න බලාගෙන අපි පැයක ගමනක් තියෙන නවාතැනට යන්න පිටත් වුණා . හවස් වෙලා හින්ද හෙමින් වටපිට බල බලා ගිය ඒ ගමනේදී Elk සහ Mule Deer සතුන් කිහිප දෙනෙක්ම දකින්නට පුළුවන් වුණා .

ඊලග දවසෙ උදේම අපි ආයෙමත් Grand Canyon Village එකේ . දුම්රියපොල අද්දරම තියෙන වාහන නැවතුම්පලක වාහනය නතර කරපු අපි දැන් සුදානම් වෙන්නෙ පෞද්ගලික වාහනවලට තහනම් රතුපාට බස් මාර්ගයේ යන්න . අපේ ගමනාන්තය South Rim එකේ බටහිර අන්තයේ තියෙන Hermits Rest රතුපාට බස්පාරේ අන්තිම නැවතුම ඒකයි.

Grand Canyon Village Station - Picture of El Tovar Hotel, Grand ...

Hermits Rest

Hermit's Rest (Grand Canyon National Park) - All You Need to Know ...

1987 දී ජාතික ඓතිහාසික පරිශ්‍ර අතරට එක්වුණු මේ පරිශ්‍රය 1914 දී මුලින්ම ඉදිකළේ කැනේඩියානු ජාතික Louis Boucher විසින් . පසුකාලීනව කෙරුණු සංචාරක ප්‍රවර්ධන යටතේ Fred Harvey සමාගමේ Mary Colter ගේ ගෘහ නිර්මාණ ශිල්පිණිය අතින් මෙය ප්‍රතිනිර්මාණය වුනා . මෙය ඉදිකර ඇත්තේ අවට පරිසරයේ ඇති ස්වභාවික පාෂානවලට බොහොම කිට්ටුවෙන් යන විදිහටයි . සමහරු සදහන් කරන්නේ මෙතැන Grand Canyon වලදී කොලරාඩෝ ගග දකින්නට පුළුවන් හොදම තැන හැටියටයි.

රතුපාට බස් මාර්ගයේ නැවතුම්පල 8 ක් තිබුණත් සමහර ඒවායේ නැවතුම්පල තියෙන්නේ එක් දිශාවකට පමණයි. ඒ නිසා ඔබ ඒ ගැන දැනුවත්ව ගියොත් හොදයි . ඒත් පයින් යන්නත් බයිසිකල් මගින් සංචාරය කරනවා නම් යන්නත් ඒ හැම එකක්ම යාවුණු මාර්ග තියෙනවා . අපි ඒ ඔක්කොම බලාගෙන ආපහු Grand Canyon Village එකට ආවා.

Kolb Studio

Kolb Brothers: Conflict on the Canyon's Rim - Grand Canyon ...

කොලරාඩෝ ගග දිගේ ගිහින් චිත්‍රපට කිරීමේ උනන්දුවෙන් සිටි Emery සහ Ellsworth Kolb සහෝදරයින් දෙන්නා 1911 දී ඉදිකළ චිත්‍රාගාරය (Studio) සහ නිවස වන මෙය 1976 දී National Park Service විසින් පවරාගෙන සංරක්ෂණය කරනවා . අද මෙන් දියුණු තාක්ෂණය නොතිබුණු එදා ඔවුන් කල ඒ වික්‍රමයේ මතක සටහන් මෙහි එකතු කොට තිබෙනවා .

Kolb brothers

The Kolb Brothers Exploring the Green and Colorado Rivers Through ...

Hopi House

0545_0026 Grand Canyon Hopi House | Grand Canyon National Pa… | Flickr

Grand Canyon වෙත එන සංචාරකයින්ට Native American crafts. විකුණන මධ්‍යස්ථානයක් ලෙසින් 1904 දී මෙය ඉදිවුණේ ගෘහ නිර්මාණ ශිල්පිනි Mary Colter අතින්. Fred Harvey සමාගමේ New mexico හි පිහිටි Albuquerque හෝටලයට මේ සැලසුම බොහෝ දුරට සමාන බව කියැවෙනවා.

South Rim Village - Ranger Programs - Grand Canyon National Park ...

තවත් කාලෙ තිබ්බ නම් බලන්න දේ එමටයි . අපි Grand Canyon වලින් පිටත්වෙන්න වාහනයට නැග්ගා. 

Plan Your Trip | Grand Canyon National Park Lodges

නයගරා ඇල්ල මගහැර නැව් යන හැටි බලා වරෙන්

. කැනේඩියානු සංචාරයක මතකය

 කැනඩාවත් , ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර මායිමේ පිහිටි නයගරා දියඇල්ල ලොව වැඩි සංචාරක පිරිසක් නරබන අතිශය ජනප්‍රිය සංචාරක ඉසව්වක්. ටොරොන්ටෝවට නුදුරින් ජීවත් වන බොහෝ දෙනා සෑම ගිම්හානයකටම දවසක් හෝ මේ ඉසව්වට යන බව රහසක් නොවෙයි . සොබාදහමේ මහගු දායාදයක් වන නයගරා ඇල්ල ආශ්‍රිත සංචාරක බල ප්‍රදේශයට යනෙන සංචාරකයින්ට කරන්නට ඇති පදම් දේ තිබෙනවා . එහෙත් ඒ ඉසව්වට යන අයගෙන් කීයෙන් කී දෙනෙක් ඇල්ල බලනවා ඇරෙන්නට  අසල ඇති තවත් වැදගත් තැන් මග හරිමින් කාලය නාස්ති කරනවාද ? . මේ මතකයන්ගේ අරමුණ ඊලග වතාවේ ඔබ නයගරා බලන්නට යනවිට ඒ තැන් වලටත් යන්නට අවස්ථාව උදා කර දීමයි .

පංච මහා විල් හරහා එකතුවන ජලය කැනඩාවේ ශාන්ත ලෝරන්ස් ගංගාව හරහා කිලෝමීටර 3769 ක් දුර ගෙවා අත්ලාන්තික් සයුරට එක්වෙනවා . අනුපිළිවෙලින් සුපිරියර් , මිචිගන් , හියුරන් , ඊරි විල් කරා එන ඒ මහා දියකඳ  නයගරා ඇල්ල හරහා ගොස් ඔන්ටාරියෝ විලට එක්වෙනවා . ශාන්ත ලෝරන්ස් ගඟ ඇරබෙන්නේ ඔන්ටරියෝ විලෙන් . මේ  මාර්ගය ප්‍රමුඛ නැව් මාර්ගයක් . වාණිජ නැව් මෙන්ම පෞද්ගලික යාත්‍රා ගමනා ගමනයේදී තිබු ප්‍රධානතම බාදකය වුයේ නයගරා ඇල්ල තරණය කිරීමයි .

කලක් තිස්සේ මිනිසුන්ට වදදුන් ඒ ගැටළුව විසදුණේ ඊරි විලත් ඔන්ටාරියෝ විලත් යාකරමින් තැනුණු කිලෝමීටර 43 ක් දිග වෙලන්ඩ් ඇල (Welland Canal) මගින් . 1824, 1839,1887 දී තැනුණු ඇලමාර්ග වැඩි දියුණු කරමින් අද භාවිතා වන වෙලන්ඩ් ඇල ඉදිකෙරුණේ 1913 දී . මිනිසුන් පඩිපෙලක් බසිනවා මෙන් තටාකයෙන් තටාකයට නැව්  ඇතුල් කරමින් තැන් (Locks) 8 කදී එකී යාත්‍රා උස් පහත් කිරීම විදුලි සෝපානයක ක්‍රියාවලියට සමානයි .

වෙලන්ඩ් ඇල මධ්‍යස්ථානය සහ ගේට්ටු අංක 3 (Welland Canal Centre & Lock 3)

එලිසබත් රැජින අධිවේගී මාවත දිගේ ශාන්ත කැතරින් (St. Catherines) නගරය පසුකරද්දී හමුවන අහස් මංපෙත (Garden City Skyway  ) මතදී ඔබ සමහරවිට මේ පරිශ්‍රය ඈතින් දැක ඇති . අංක 3 දරණ ගේට්ටුව හරහා නැව් ගමන් කරන වෙලාව අන්තර්ජාලයේ ඇති නිසා ඔබට පහසුවෙන් ගමන සැලසුම් කරගන්නට පුළුවන් . ජල තටාකයට නැව් ඇතුළුකරන  පිටකරන අයුරු , අනතුරු වලකන ආරක්ෂක උපක්‍රම , ළග ඇති පාලම් උස් පහත් කරන අයුරු මෙන්ම මෙහිදී සුවිසල් නැව් ඇලේ උස වෙනස්කම් අනුව විදුලි සෝපානයක මෙන් උස් පහත් කරන අයුරු පියවරෙන් පියවර කැමරාවට නගා ගන්නට හෝ වීඩියෝ ගත කරන්නට මෙහි ඇති නැරබුම් අටල්ල කදිම තැනක් .

ශාන්ත කැතරින් කෞතුකාගාරය ( St. Catherines Museum)

සංචාරය සදහා බොහෝ මුදල් වැයවන බව බහුතරයක් පිරිස සිතන මිත්‍යා මතයක් . සංචාරයේදී වැදගත් වන්නේ කලබලයෙන් යාම නොව තොරතුරු සොයාගෙන යාමයි . වෙබ් අඩවි කිහිපයකින් තොරතුරු සහ සංචාරක අත්දැකීම් වර්ගීකරණය කර ඇති ආකාරය බැලීමෙන් ඔබට මෙය පහසුවෙන් ම කල හැකියි . ඉතා වටිනා දැනුම් ගබඩාවක් වන මෙයට ඇතුළුවන්නට කිසිදු මුදලක් අය කරන්නේ නැහැ . නමුත් ඔබට කැමති නම් ඔවුන්ගේ සේවය වෙනුවෙන් ඔබට යම් මුදල් පරිත්‍යාගයක් කල හැකියි . වෙලන්ඩ් ඇලේ සහ  ඒ ප්‍රදේශයේ ඉතිහාසය , ලාක්රෝස් (lacrosse).  නමැති පාරම්පරික ක්‍රීඩාව පිළිබද බොහෝ තොරතුරු මෙහිදී දැනගත හැකියි . මෙහි තිරගත වන වෙලන්ඩ් ඇල පිළිබද වාර්තා චිත්රපටය මිල කල නොහැකි අත්දැකීමක් . නොමිලයේ වාහන නවතා තැබිය හැකි සියළු  පහසුකම් පිරි මේ පරිශ්‍රයේ කුඩා දරුවන්ට විනෝද වන්නට බොහෝ දෑ තිබෙනවා .

වෙලන්ඩ් බිත්ති චිත් ( Weland Murals)

වෙලන්ඩ් ඇල සහ ආශ්‍රිත සංවර්ධනය විසින් බිහිවූ වෙලන්ඩ් නගරය කැනඩාව පුරා විසිරුණු චිත්‍ර ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් 1986 දී අරඹා ඇති ව්‍යාපෘතියක් මගින් නගරයේ තැනින් තැන සුවිශාල බිත්ති චිත්‍ර ඇද තිබෙනවා . දැනට එහි ඇති චිත්‍ර ගණන 29 ක්. අන්තරජාලයෙන් ඔබට එම චිත්‍ර 29 පිහිටා ඇති තැන් පැහැදිලිව දැන ගන්නට පුළුවන් . ඔබ චිත්‍රවලට ආසා කරන්නෙක් නම් ඔබ මෙයට ලොබ බදිවී . හැබැයි මෙය තරමක් කල්ගත වන තැනින් තැනට යා යුතු වැඩක් . කුඩා දරුවන් සමග පහසු වන දෙයක් නොවෙයි . කලින් කලට අළුතින් චිත්‍ර එකතුවන තිබෙන චිත්‍ර සංරක්ෂණය වන මේ ව්‍යාපෘතිය දිනෙන් දින අළුත් වන දෙයක් .

අප වෙලන්ඩ් නගරයේ සිට නයගරා ඇල්ල වෙත යන මග වැටී තිබුණේ  වෙලන්ඩ් ඇල යටින් යන උමගක් ඔස්සේ . වෙලන්ඩ් ඇලේ විශාල නැවක් ගමන් ගන්නා මොහොතක දුම්රිය මාර්ග බාධකයට නැවතී හුන් අප දුටු දසුන ජීවිතයේ තවත් අමතක නොවන අත්දැකීමක් . වාහන ගමන් කරන මාර්ගයට අමතරව අප ඉඩ සලසා දුන් දුම්රිය මාර්ගයද මේ උමග තුලින් දිවෙනවා .

නයගරා විල මත ( Niagara On the Lake)

නිසි ජලය , නිසි දේශගුණය නිසා ඉතා සශ්‍රික ප්‍රදේශයක් හැදින්වෙන්නේ මේ නමින් . එහි සරු පසේ වැවෙන මිදී , චෙරි , බෙරි වර්ග , මල් වර්ග බලන්නටත් ගිම්හානයේදී ඔබට  පුළුවන්. නිස්කලංක විවේකයක් සදහා නවාතැන් පොල රැසක් මේ ප්‍රදේශයේ තිබෙනවා .

මිදි සහ වයින් ( Grapes & Wine )

රසයෙන් වැඩි වයින් නිෂ්පාදනය සදහා සුදුසු මිදි මේ ප්‍රදේශයේ තිබෙනවා . ලෝ පතල කැනේඩියන් අයිස් වයින් ( Canadian Ice Wine) විශේෂ බොහොමයක් මේ ප්‍රදේශයේදී නිපදවෙනවා . මිදි වත්තක් , මිදි වලින් වයින් නිපදවෙන හැටි , වයින් ගබඩා කර ඇති සැටි මෙන්ම අගනා වයින් බිදක රස බලන්නටත් මේ ඉසව්වේ සරන ඔබට කිසිදු මුදලක් වැය වන්නේ නැහැ .

චෙරි සහ බෙරි නෙලන්නට ( Cherry & Berry Picking)

නයගරාවට නුදුරු ලින්කන් (Lincoln) නගරය චෙරි වගාවට ප්‍රකටයි . කහට පිරෙන්නට විවිධ ගස්වලින් විවිධ රස චෙරි  ගස්වලට නැග ගෙඩි කඩා කන්නට පුළුවන්. අන්තර්ජාලයෙන් එම ගොවිපොල මහජනතාව සදහා අරඹන දින වකවානු දැනගන්නට පුළුවන් . අපේ අත්දැකීම් වලට අනුව වඩාත් වැදගත් වන්නේ පුළුවන් තරම් උදයෙන් එම ස්ථානවලට යාමයි . එවිට තදබදයෙන් තොරව රිසි සේ හොද අස්වැන්නක් නෙලා ගන්නත් , පවුල් කිහිපයක් එකට එක්වන අවස්ථාවක් කර ගන්නටත් පුළුවන් .

බ්ලු බෙරි , ස්ට්‍රෝ බෙරි ඇතුළු බෙරි වර්ග රැසක් රස බලන්නට් හැකි ගොවිපොල රැසක්   Lincoln, Grimsby, Pelham, St. Catherines, Welland  වැනි නගරවල තිබෙනවා . ලංකාවෙන් , වෙනත් රටවලින් එන නෑදෑ හිතවතුන් මෙන්ම හිත මිතුරන් සමග දිනක ගමනකට මෙය කදිමයි .

ලැව න්  රා  මල් ගොවිපොල  ( Lavendar Farms )

බොහෝ සුවද විලවුන් සදහා ගන්නා ලැව න් ඩ රා  මල් වතු මවන්නේ මහත් අසිරියක් . ගිම්හාන කාලයේදී ඒ ගොවිපොල පරිශ්‍රයන්හිදී විවිධ ප්‍රදර්ශණ පැවැත් වෙනවා . මේ  ගොවිපොල චාරිකා සදහා යම් මුදලක් ගෙවිය යුතු වෙනවා . ඒ  ඇතුළුවීමේ ගාස්තු හෝ  යම් අවම ගාස්තුවක් ලෙසින් .

සටහන   – අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ –  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *