අධික වර්ෂාවෙන් පසු DVP පිරිසිදු කෙරේ; ටොරොන්ටෝ වැසියන් 37,000ක් විදුලිය ඇණහිටියි.

අයහපත් කාලගුණයත් සමග අඟහරුවාදා ටොරොන්ටෝ සහ අසල්වැසි ප්‍රදේශවලට වාර්තාගත වර්ෂාපතනයක් වාර්ථාවු අතර, එහි බලපෑමෙන්  ගංවතුරක් ඇති වූ අතර එමඟින් මාර්ග වසා දැමීම්, ගමනාගමන බාධා ඇතිවීම් සහ විදුලිය ඇනහිටීම් ඇති විය.

කැනඩාවේ කාලගුණ අංශ පැවසුවේ පැය තුනක් ඇතුළත ටොරොන්ටෝ නගරයට මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් පතිත වූ අතර එය ජූලි මාසයේ සාමාන්‍යයෙන් වාර්ථාවන මිලිමීටර් 71.6ට වඩා වැඩි වර්ෂාපතනයක් බවයි.පසුගිය අඟහරුවාදා රාත්‍රී 11 වන විටත්( Don Valley Parkway ) ඩොන් වැලි පාර්ක්වේ ගමනාගමනය සඳහා වසා දමා තිබූ අතර ටොරොන්ටෝ හයිඩ්‍රෝ පාරිභෝගිකයින් 37,000 කට පමණ අඳුරේ සිටීමට සිදුවිය.

කෙසේ වෙතත් (Toronto Hydro) ප්‍රකාශ කලේ  විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට රාත්‍රිය පුරා කටයුතු කල බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *