මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන නියෝග අදාල ආයතන විසින් නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.ඔහු කියා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණක් පැවැත්වීම සඳහා සියළු අපේක්ෂකයින්ද අදාල නියෝග පිලිපදින ලෙසයි.එමෙන්ම මැතිවරණ සංවිධාන කටයුතු සියළු දේ සිදු කෙරෙමින් පවතින බව හෙතෙම කියා සිටියා.
දැනට මැතිවරණ සම්බන්ධීකරණ කරන මැතිවරණ කටයුතු සම්බන්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ අදාල කටයුතු සිදු කරන බව ආර්.එම්.ඒ. එල්. රත්නායක පවසනවා.ඉදිරියේදී පත්වන පොලිස් පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු අවධාරණ කලා.
අද දින සිට මැතිවරණ නීති රීතී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ සහ මැතිවරණ පනතට අනුව ක්‍රියාත්මක වන අතර ඉදිරියේ මැතිවරණ කොමිසම් සභාව මගින් නිකුත් කරන නියෝග උපමාන ගැසට් පත්‍රයක නිකුත් කරන්නට කටයුතු කරන බව ආර්.එම්.ඒ.එල්.රත්නායක වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම කිසිවෙකුගේ නීතියට, ඉල්ලීමකට හෝ බලපෑමකට හිස නොනමන බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා.