ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කර ඇතැයි කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂට පසුගියදා දැනුම්දී ඇතැයි වාර්තා වේ.පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙන බව පැවැසේ.
මේ මොහොතේ පක්ෂයේ බහුතරයක් දෙනා ජනාධිපතිවරයාට සහායපළ කිරිමට තීරණය කර ඇති බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් එය පක්ෂයේ ඡන්ද පදනමට හානි විය හැකි බවද ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වාදී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
එබැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ තමන් පක්ෂය සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් දෙන බවයි.
මේ අතර ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ අපේක්ෂකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටුව ලබන සඳුදා රැස්වන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ප්‍රකාශ කරයි.උදයංග වීරතුංග මේ බව ප්‍රකාශ කළේ, තම ජනාධිපති සහ අගමැති අපේක්ෂකයන්ගේ සූදානම ප්‍රකාශ කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධම්මික පෙරේරා සහ නාමල් රාජපක්ෂ සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළකරමිනි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක තීරණය ලබන සඳුදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අනාවරණය කළේය.සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය.ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සඳහා ඉදිරි ක්‍රියාදාමය පිළිබඳව එහිදී ඔහු කරුණු පැහැදිලි කළේය.
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය සාකච්ඡා කර අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹෙන බව කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය.